Sunday, January 4, 2015

අද දවස ඔබට කොහොමද? 2015-01-05

by Api Nodanna Live  |  in Daily Horoscope at  9:12 PM
මේෂ ලග්නය
රැකියා ස්ථානයේ වැඩිපුර වගකීම් භාර ගැනීමට සිදුවන දවසක්. අද දින ව්‍යාපාරිකයන්ට ලාභ ගෙනදෙන අතර ආර්ථිකය යහපත් මට්ටමක තබා ගැනීමට හැකිවන බව පෙනී යයි. අධ්‍යාපන කටයුතුවලට ශුභදායකය. සුභ ආරංචියක් අහන්නට පුළුවන් දවසක්. මංගල යෝජනා බලා‍පොරොත්තුවෙන් සිටින අයගේ අපේක්ෂාවන් සඵල වෙයි.

වෘෂභ ලග්නය
අද දින ඔබ ඉතාමත් ප්‍රවේසම් විය යුතු දිනක්. රැකියා ස්ථානයේ ගැටලු මතුවිය හැකි අද දින, මිල මුදල් පිළිබඳ බලවත් දුෂ්කරතා ගෙනදිය හැකි බව පෙන්නුම් කරයි. වෙළෙඳ ව්‍යාපාර මගින් පාඩු ගෙනදෙන අතර, මිතුරකු නිසා අස්ථාන චෝදනාවකට ලක් වීමට ඉඩ ඇති දවසකි. මානසික ප්‍රීතියට බාධා සිදුවේ.

මිථුන ලග්නය
ගමන් බිමන් අධික දිනයක්. අද බලා‍පොරොත්තු වූ කටයුතුවලින් කිහිපයක් පමණක් සාර්ථක කර ගැනීමට හැකි වන බව පෙනීයයි. රැකියා හා ව්‍යාපාර කටයුතුවල වෙනසක් ඇති නොකරනු ඇත. වැය පස ඉහළ යන අතර, තැන්පත් ධනය ස්ථාවරව තබා ගැනීමට අ‍පොහොසත් වේ.

කටක ලග්නය
රැකියාව සුපුරුදු පරිදි කරගෙන යාමට හැකි වන අද දින අධ්‍යාපන කටයුතුවල නිරත සිසු සිසුවියන්ට යහපත් දවසකි. ව්‍යාපාරික කටයුතු උසස් මට්ටමක පවතින අතර ආදායම් තත්ත්වය ශුභදායක බව පෙන්නුම් කරයි. ආගමික කටයුතු කෙරෙහි සිත යොමුවිය හැකි දවසකි. ගෘහ ජීවිතය වාසනාවන්තය.

සිංහ ලග්නය
වැදගත් කටයුතු රාශියක් සාර්ථක කර ගැනීමට හැකිවේ. රැකියා හා ව්‍යාපාර කටයුතුවල උසස් ප්‍රගතියක් දක්නට ලැබෙන අද දින ආර්ථිකයේ ශුභවාදී තත්ත්වයක් උදාවන බව පෙන්නුම් කරන අතර උසස් හිත මිත්‍ර සබඳතා ඇතිවේ. පවු‍ලේ සමගිය වර්ධනය වේ.

කන්‍යා ලග්නය
රැකියාවේ නව නැම්මක් ඇතිවනු ඇත. වෙළහෙලඳාම් ආදියෙන් ලාභ ප්‍රයෝජන අත්වෙයි. ආදායම් තත්ත්වය උසස් මට්ටමක තබා ගැනීමට හැකි වන අතර, අධ්‍යාපනයේ යෙදී සිටින සිසු සිසුවියන්ට යහපත්ය. ආගමික කටයුතු කෙරෙහි සිත යොමුවිය හැකි දවසකි.

තුලා ලග්නය
අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියුතු අයට විශේෂ දියුණුවක් අපේක්ෂා කළ හැකි අද දින රැකියා කටයුතු යහපත්ය. වෙළෙඳ ව්‍යාපාරිකයන්ට ශුභදායක වන අතර ආදායම් මාර්ග පාදා ගැනීමටත් තැන්පත් ධනය වර්ධනය කර ගැනීමටත් හැකිවන දවසකි. පවු‍ලේ සමගිය උදාකෙරේ.

වෘශ්චික ලග්නය
රැකියා කටයුතු සම්බන්ධයෙන් සතුටුදායක පුවතක් අසන්නට ලැබේ. නව රැකියා අපේක්ෂිතයන්ගේ බලා‍පොරොත්තු ඉටුවේ. ව්‍යාපාරිකයන්ට වාසි සලසාගත හැකි අතර අද දින ප්‍රමාද වූ වැඩ කටයුතු රාශියක් ඉටුකර ගැනීමට හැකිවන දවසකි. ගෘහ ජීවිතය ප්‍රීතිමත්ය.

ධනු ලග්නය
රැකීරක්ෂා, ව්‍යාපාරික දියුණුව හා තනතුරු උසස්වීම් ආදිය ලැබිමේ භාග්‍ය ඔබවෙත ළඟාවිය හැකි අද දින කල් ගතවූ ණය මුදලක් ලබාගත හැකි බව පෙන්නුම් කරයි. ආගමික කටයුතු වලට වැඩි නැඹුරුවක්. අධ්‍යාපන කටයුතු අඩපණ වීමට බොහෝ සෙයින් ඉඩ ඇති දවසකි. ගෘහ ජීවිතය ප්‍රීතිමත්ය.

මකර ලග්නය
රැකීරක්ෂා, ව්‍යාපාරික දියුණුව හා තනතුරු උසස්වීම් ආදිය ලැබිමේ භාග්‍ය ඔබවෙත ළඟාවිය හැකි අද දින කල් ගතවූ ණය මුදලක් ලබාගත හැකි බව පෙන්නුම් කරයි. ආගමික කටයුතු වලට වැඩි නැඹුරුවක්. අධ්‍යාපන කටයුතු අඩපණ වීමට බොහෝ සෙයින් ඉඩ ඇති දවසකි. ගෘහ ජීවිතය ප්‍රීතිමත්ය.

කුම්භ ලග්නය
වාසනාවන්ත දිනයක්. වෙළෙඳ ව්‍යාපාරවලින් ලාභද, රැකියා උසස්වීම් ද ලබාගත හැකි අද දින ආදායම් තත්ත්වයේ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරන අතර, අවුල් සහගත ප්‍රශ්නයක් ඉතා සාර්ථක ලෙස නිරාකරණය කරගැනීමට හැකිවේ. ඔබට අද මුදලක් ඉතිරි කරගත හැකි දවසක්. ඔබේ සහජ දක්ෂතා මතුවන දවසකි.

මීන ලග්නය
ව්‍යාපාරික කටයුතුවලින් ලාභ ලබාගත හැකි අද දින රැකියා කටයුතු සතුටුදායකය. ආර්ථිකයේ සුවිශේෂ වර්ධනයක් ගෙන දිය හැකි අතර, ගමන් බිමන් සඳහා වෙනදාට වඩා වැඩි වියදමක් දැරීමට සිදුවන බව පෙන්නුම් කරයි. පවු‍ලේ සමගිය වර්ධනය වේ. ආගමික කටයුතු කෙරෙහි සිත යොමුවන දවසකි.

Saturday, January 3, 2015

සිහිනවල සත්‍ය අසත්‍ය දෙකම ඇත

by Api Nodanna Live  |  in Life at  11:15 PM


මව්කුසින් මෙලොව එළිය දුටු දා සිටම මිනිස්‌ සත්වයින්ට සිහින පෙනේ. සිදුහත් කුමාරයා මව් කුස පිළිසිඳ ගැනීමේදී මහා මායා බිසවුන් දුටු සිහිනය, කොසොල්රජු දුටු සිහින අනාගත සත්‍ය සිදුවීම් පිළිබඳ පෙරනිමිති ලෙස සැලකේ.

පඨවි ආපෝ තේජෝ ධාතුවල විෂමතාවට අනුව සිහින පෙනේ. එම සිහින පෙරයම, මැදියම, අලුයම වශයෙන් කොටස්‌ තුනකි. ඒ අනුව ඒ ඒ යාමවල දකින සිහිනවල පලවිපාකයන් විවිධයි. අලුයම දකින සිහින වල ප්‍රතිඵල සත්‍ය වේ, සැබෑ වේ.

සිහින දවල් හීන රාත්‍රි හීන වශයෙන් දෙකොටසකි. හීන පෙනෙන්නේ නින්දේදී නින්දට යන හැම කෙනකුගේම පංච ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරිත්වය තාවකාලිකව නවතී. එවිට අපි අවදියෙන් සිටියදී ඉන්ද්‍රියන් තුළින් ගන්නා ලද රූප, ශබ්ද, ආදිය යටි හිතෙන් පෙනේ. මේ සිහින සංකේතාර්ථ, පණිවුඩ, දේවතා සිහින, භූත සිහින, පූර්ව දර්ශන, පෙරනිමිති, කළුකුමාර, මදනයකා, මෝහිනී සමඟ ලිංගික සිහින, කාමුක සිහින, සිහිනෙන් ඇවිදීම, සිහිනෙන් කථාකිරීම, හඬා වැලපීම, සිනාසීම, කෑකෝ ගැසීම, හූ කීම ආදිය වන්නේ සැඟවුණු මනස අවදිවී ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයක්‌ ලෙසිනි.

සිහින තේරුම් ගැනීමට හොඳ බුද්ධියක්‌ තිබිය යුතුයි. සමහර සිහිනයන් ගැටලුවට මුල් වේ. ඒවා සරළ නොවේ. ගැඹුරු සංකීර්ණ හා අර්ථයන් දැනගැනීමට පවා නොහැකි ඒවාය.

දේවතා සිහින යනුවෙන් හැඳින්වෙන්නේ තම ඉෂ්ඨ දේවතාවුන් විසින් පෙන්වන සිහිනයි. මිනිසෙකුට තමා මෙහෙයවන, හසුරුවන බලවේගයක්‌ තිබේ. ඒ ඉෂ්ඨ දේව බලය වේ. දේවතා සිහිනවලින් තමාට හිරිහැර කරදරයක්‌ ඇති නොවේ. හානියක්‌ අනතුරක්‌ සිදුවීමට ඇත්නම් එය සිහිනයෙන් පෙන්නුම් කර ආරක්‍ෂා කරයි. ප්‍රශ්න බාධක හිරිහැර දේවතා සිහින මගින් මගහරවාලයි.

භූත සිහිනවලින් මිනිසාට දුක්‌ ඇතිකරයි, රවටයි. බිය ගන්වයි, බොරු කියයි, නොමඟ යවයි, රෝග කරයි, ඔබට මහා වින්නැහියක්‌ කරයි, ඒ භූතයින් ගේ සිරිතයි.

සුබ සිහිනයක්‌ දැක්‌කොත් එය කිසිවෙකුට නොකියා රහසක්‌ ලෙස සඟවා ගතයුතුයි. අසුබ සිහිනයක්‌ දුටුවොත් පාන්දරින්ම නැගිට කට සෝදා පැඟරි ගසක්‌ ඉදිරිපිටට දොස්‌ දුටු සිහිනය කියා තුන්විටක්‌ කෙළ ගැසීමෙන් එයි අසුබ පල මඟහරවා ගත හැකි බව පැරැන්නන් කියා ඇත.

ලිංගික සිහින දැකීමෙන් තම රාගික හැඟීම් ඇවිස්‌සේ. මොහිණී, පිරිමින් ළඟට පැමිණ සීනෙන් සංසර්ගයේ යෙදීමෙන් ධාතු පිටකරවයි. මදන යකා, කළුකුමාරයා ස්‌ත්‍රීන් ළඟට පැමිණ සංසර්ගයේ යෙදී තෘප්තියට පත්කරයි. මේ හේතුවෙන් සිහි කල්පනාව අඩුකම, ශරීරය කෘෂවීම, කලාන්තය, ශරීරය වැහැරී යැම, ජරාවාස වීම, ලේ ඌනතාවය, නහරගත හන්දිපත් කැක්‌කුම්, බඩේ රුදාව, පපුව දැවිල්ල, සුදුමැලිවීම, මෝහිණී, කළුකුමාරයා, මදන යකාගේ දෘෂ්ඨිවලට අසුවූවන්ගේ ලක්‍ෂණයන්ය. සමහර අවස්‌ථාවලදී කළු වඳුරන් වැඳිරියන්, වලසුන්, වැලහින්නියන් ලිංගේන්ද්‍රයන් පෙනෙන සේ දර්ශනය වේ. එවැනි සිහින පෙනීමෙන් රාගාධික හැඟීම් ඉස්‌මතු වී එයට ආශාව ඇතිකරයි. එවන් අවස්‌ථාවලදී ලිංගේන්ද්‍රයන් හා යෝනි වල වේගවත් විපර්යාසයක්‌ ඇතිකර රාග, කෝප, මාන, කාම ආදි භාව ශක්‌තින් උත්තේජනය වී ධාතු හීනෙන් පිටවේ.

සිහින පිළිබඳ වැඩිදුර ගවේෂණයේදී සිතතුළ ක්‍රියාකාරිත්වය අනුව යමෙකුගේ චරිතය, හැඟීම්, සැඟවුණු දේවල් පිළිබඳ බොහෝ විස්‌තර හෙළිකරගත හැක. සිහින තුළින් අනාගතය පිළිබඳ නිවැරැදි තොරතුරු දැනගත හැක. කිසියම් සිද්ධියක්‌ සිදුවීමට පෙර එම සිදුවීම හීනෙන් දුටු පුද්ගලයන්ගේ වාර්තා ලොව එක්‌ එක්‌ රටවල ලේඛන ගතකොට ඇත.

සිහින තුළින් අනාගතය පිළිබඳ අනාවැකි හැඳින්වීම අතීතයේ සිටම අද දක්‌වාම පවතී. එහෙත් අද තමාට හොඳ නරක සිහිනෙන් පෙන්වුවද ඒවා ගණන් නොගනී. සමහරුන්ට සිහින පසුදා උදැසනම අමතක වෙයි. මරණයක්‌ සිදුවීමේ අනාවැකි සිහිනෙන් දත් වැටීම, තමාට ධනසම්පත්, මුදල් ආදිය ලැබීමට පෙර සිහිනෙන් අශූචි, පණුවන්, කූඩැල්ලන් ආදිය දැකීමෙන් තමාට වාසියක්‌ ගෙනදෙන බවයි. මෙවන් පලවිපාක සිහින තුළින් අපට පෙන්වයි.

තමන් මියයැමට පෙර තමාගේ මරණය සිහිනෙන් දුටු අය පිළිබඳ බොහෝ විස්‌තර වාර්තාගත කර ඇත. එයින් ඇමරිකාවේ හිටපු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් දුටු තමාගේ මරණය පිළිබඳ සිහිනය මෙසේය. මෙය ලෝක ප්‍රසිද්ධයි. "ලින්කන් ධවල මන්දිරයේ කාමරවල ඇවිදින විට කාමර සියල්ලම හිස්‌ව තිබුනු හැටිත් ඒවායින් දුක්‌ අෙ¹aනා විලාපයන් ඇසුන හැටිත් මෙම මන්දිරයේ තිබුණු ඊස්‌ට්‌ රූම් (EASඔ Rධධඵ) නමැති කාමරයේ දුක්‌ අෙ¹aනා වැඩිවූ බවත් එහි ඇති "ශව පිඪිකාවක්‌" උත්තමයන්ගේ මිනී පෙට්‌ටි තබන වේදිකාව මත අවමඟුල් අඳුමෙන් සැරැසූ මළ මිනියක්‌ දැක ඇතත් එහි මුහුණද දැක නැත. මේ පිළිබඳ හමුදා භටයන් වටකරගෙන හඬා වැලපෙන ජන සමූහයෙන් කව්ද මැරිලා ඉන්නේ යළි ලින්කන් ඇසූ විට, ජනාධිපතිතුමාව සාහසිකයන් විසින් ඝාතනය කළ බවත් ඒ මිනිය වටකරගෙන ජනතාව හඬන බවත් හමුදා භටයන් කීවේය. මෙම සිහිනය දුටු ලින්කන්ට එළිවෙනතුරු නින්ද නොගියේය. මේ බියකරු දුක්‌ සහිත දර්ශනය දැකීමෙන් ඔහුගේ හිතට වේදනා ගෙනදෙන්නට විය.

මෙම සිහිනය දුටුවද දින ගණනකින් 1865 අප්‍රේල් මස 14 වැනි දින ලින්කන් ජනාධිපතිවරයා "පෝඩ් රඟහලේ (ධඹR AපෑRෂCAභ Cධඹීෂභ) නමැති නාට්‍ය නරඹමින් සිටින විට 'බුත්' නමැති අය ඔහුට වෙඩිතබා මරා දමන ලදී.

මේ සිහිනය දුටු ඔහු තම බිරිඳටත් මිතුරෙකු වූ 'ලෝඩ් ලේමන්' ටත් මොහු මරණයට පත්වීමට පෙර සිහිනයෙන් දුටු දර්ශනය කියා තිබූ නිසා සිහිනයේ ඵල විපාකයන්ගේ නිවැරදි තාවය අපට හොඳින් වටහා ගත හැක.

නපුරු සිහින නොපෙනීමට රාත්‍රි නින්දට යනවිට තෙරුවන් වැඳ මේ මන්ත්‍රය 21 වරක්‌ කියා තෙල් ගාගෙන නිදාගන්න.

ඕංග්‍රී විෂ්ණු පුලාඩි තුඩා ජොරුකී හක්‌ති සං කෙරේස්‌ බහුලාඩි විෂ්ණු දෝස්‌ දෝස්‌ ඕං ආ දෝස්‌කි මාරේ උර්ලාඩි දෝ හෝ ආක්‍රා රොත්තු බාහේස්‌ ශ්‍රී විෂ්ණු නාරායනේ දෝස්‌ දෝස්‌.... ලිංගික රාගාධික හීන නොපෙනේ.

ප්‍රවීණ ජ්‍යෙතිෂ්‍යවේදි
රඹුක්‌කන ජිනදාස එදිරිසිංහ

ආයුෂ කෙටි කරන ග්‍රහ පිහිටීම්

by Api Nodanna Live  |  in Life at  11:13 PM

මරණය යනු ඔබ අප හැම දෙනෙක්‌ම සැබෑයින්ම මුහුණදිය යුතු ශෝචනීය අවස්‌ථාවකි. එය කවදා කෙසේ කොහොම සිදුවේදැයි නිසැකවම කිවනොහැකි නමුත් කෙනෙකු උපත ලැබූ මොහොතේ තම කේන්ද්‍රයේ පිහිටි ග්‍රහ පිහිටීම් අනුව ඔහුගේ හෝ ඇයගේ ආයුෂ කාලය දල වශයෙන් කිව හැකි බව ජ්‍යෝතිෂ මතයයි.

රවි, චන්ද්‍ර, ශනි අටවැන්නේ සිටියදී යමෙකුගේ උපත සිදුවුවහොත් එදිනම හෝ එදින සිට වසර නමයක්‌ ඇතුළත මරණය සිදුවෙයි. අටවැන්න වෘෂභ හෝ තුලාව වී එහි එක්‌ පාපියෙකු සිටියද එම පාපියා තවත් පාපියන් විසින් දකිනු ලබයි නම් එකල උපත සිදුවන්නන්ගේ මරණය වසරකින් සිදුවේ. හයවැන්නට හෝ අටවැන්නට ගියාවූ සුබ ග්‍රහයින් පාපින්ගේ දර්ශනයට ලක්‌වේ නම් නව මසකින් මරණයට පත්වෙයි. වක්‍රවූ පාපයින් විසින් දකිනු ලබයි. කෙටි කලකින් මරණයට පත්වෙනු ඇත. ලග්නයේ සුබ ග්‍රහයකු නොමැතිවූ විට දෙක, දොළහ, හය අට යන ස්‌ථානයන්හි පාපයන් වූ කල උපන්නන් හය මසකින් මරණයට පත්වෙන අතර ලග්නයේ සුබයෙකු සිටියහොත් වැඩිකලක්‌ ජීවත් වෙන්නට ලැබෙනුයේ කලාතුරකිනි.

කටක, වෘශ්චික, මීන යන ලග්න තුනෙන් එකක ලග්නය වී අන්තිම නවාංශකය උදාවෙමින් පවතින විට කේතු එම ස්‌ථානයේ වුවහොත් එකල්හි ජන්ම ලාභය ලබන්නාගේ මරණය මාස දෙකකින් සිදුවෙන අතර එහිදී මීන නවාංශකයට වී කේතු එහි සිටිය යුතුය. කටක, සිංහ යන රාශි දෙකින් එකක සිකුරු සිටියදී එය හය, අට, දොලස වීනම් එම සිකුරු පාපයන්ගේ දෘෂ්ඨියට හසුවේ නම් එවිට උපන්නන් හය වසරකින් මිය යයි. මේෂ වෘශ්චික දෙකෙන් එකක්‌ අටවැන්න වී එහි සිටි ගුරු, සිකුරුටත් නොපෙනේ නම් ලග්නය රවි, චන්ද්‍ර, කුජ, ශනි යන ග්‍රහයන්ට පෙනේ නම් මරණය වසර තුනකින් වියහැක.

හයවැන්නේ කුජද, අටවැන්නේ සිකුරුද, නමවැන්නේ රවිද, සිටියදී උපන්නන් කෙතරම් බලසම්පන්න බවින් යුක්‌තව සිටියද, මැදවිය නොඉක්‌මවා මරණයට පත්වේ. ලග්නය, කුම්භ, සිංහ, වෘශ්චික යන එකක්‌ වී ක්‍ෂතිජයට ළඟින්ම ලග්නයේ සිටින්නේ රාහු නම් එම රාහු පාපයන්ට පෙනේනම් එකල උපන් අය අවුරුදු හයකින් මිය යනු ඇත. හතරේ හෝ හතේ හෝ අටේ හෝ චන්ද්‍රයා පාපයින්ට මැදිවී සිටියි නම් එකල්හි උපන් අයද වැඩිකල් ජීවත් නොවේ. එක රැස සිටියාවූ රවි, චන්ද්‍ර, කුජ, ගුරු කරන කොට ගෙනද එසේම එක රැස සිටියාවූ කුජ, ගුරු, ශනි, චන්ද්‍ර කරන කොට ගෙනද, එසේම එක රැස සිටියාවූ රවි, චන්ද්‍ර, කුජ, ශනි කරන කොටගෙනද උපන්නේනම් වර්ෂ පහකින් මියයන බව සඳහන් වෙයි.

ලග්නාධිපතියාත් චන්ද්‍රයා සිටි රාශිය අධිපතියාත් හය, අට, දොළහට ගොස්‌ අස්‌ත වූයේ නම් එකල උපන් අය උපන් රාශියට අයිති වර්ෂ ගණනේදී මිය යති. උපන් රාශියට අයිති වර්ෂ ගණනනම් මේෂයේ සිට මීන දක්‌වා එක, දෙක, තුන ආදී වශයෙනි. තුලාවෙන් උපන්නේනම් හත් අවුරුද්දකින්ද, ධනුගේ නම් තව අවුරුද්දකින්ද මීනයේ නම් දොළොස්‌ අවුරුද්දකින්ද වශයෙනි. ගතවූ ද්වා දශාංශක පමණට ගණන් ගත හැක.

හතේ කුජද, අටේ සිකුරුද, නමයේ රවිද, සිටියදී උපන් අය කුමන බලවත් කෙනෙක්‌ වුවත් මැදිවිය නොඉක්‌මවයි. ස්‌ත්‍රියකගේ නම් වයස අවුරුදු හතළිහේ සිට හතළිස්‌ පහ අතරද, පුරුෂයෙකු නම් හතලින් පහේ සිට පනහ අතරද මරණයවේ. මෙම ග්‍රහයෝ උච්චාංශකවල හෝ ස්‌වඋච්ච රාශිවල සිටිනම් මෙය වෙනස්‌වීමට ඉඩ ඇත.

ගුරු, සිකුරු එකට සිටියදී බුධහු හතරේ හෝ දහයේත්, සඳු ලග්නයේ අටේ හෝ දොළහේත් සිටීනම් කොමපමණ සැපෙන් ජීවත්ව සිටියත් පනස්‌විය නොඉක්‌මවයි. මේෂයේ අටවැනි අංශකයේද, වෘෂභයේ නමවැනි අංශකයේද, මිථුනයේ විසිදෙවැනි අංශකයේද, කටකයේ විසිතුන්වැනි අංශකයේද, සිංහයේ පස්‌වැනි අංශකයේද, කන්‍යාවේ පළවැනි අංශකයේද, තුලාවේ හතරවැනි අංශකයේද, වෘශ්චිකයේ 23 වැනි අංශකයේද, ධනුවේ දහඅටවැනි අංශකයේද, මකරයේ විසිවැනි අංශකයේද, කුම්භයේ විසිවැනි අංශකයේද, මීනයේ දහවැනි අංශකයේද, චන්ද්‍රයා සිටියහොත් එකල උපන් අය ඒ ඒ රාශියට අයිති අංශක ගණනවූ වර්ෂයේ දී මියයයි. මෙය රාශිය තුනට බෙදූ අංශක වේ. මෙසේ වන්නේ චන්ද්‍රයා, එක, හතර, හත, දහය හෝ අට වුවහොත් පමණකි. මේෂය මෙකී තැන්පහෙන් එකක්‌වී චන්ද්‍රයා අටවැනි අංශකයේ සිටියහොත් අට අවුරුද්දකින් මැරෙයි යනුයි.

චන්ද්‍රයා සිටි රාශි අධිපතියා හිරු, ශනි සමඟ අටේ සිටීද, සිකුරා විසින් ඔවුන් දක්‌නා ලද්දේද එකල උපන් අය රාශි සංඛ්‍යාත අවුරුදු ගණනින් මියයති. උපන් රාශිය මේෂයේ සිට ගණන් ගැනීමේ දී එය පහනම් පස්‌ අවුරුද්දෙන් හෝ අටනම් අට අවුරුදුදෙන් හෝ වශයෙනි. රවි, චන්ද්‍ර, බුධ තිදෙනා එකට සිටියදී ඔවුන් ශුභයින්ට පමණක්‌ පෙනෙයිනම් දෛවය අනුව පැවැත්මට නිසි උපතද වී නමුත් එසේ උපන්නන් එකොළොස්‌ අවුරුද්දකින් මිය යනු ඇත.

ශනි, රාහු, කුජ, චන්ද්‍ර හත්වැන්නේ සිටියදී උපත ලැබූ වෙහිනම් සත්දිනකින් මරණය වේ. හිරු ලග්නයේ සහ දොළොස්‌ වැන්නේත් දෙවැන්නේත්, පාපයෝ වෙත්නම් එලෙස උපන් අය තිස්‌විය ඉකුත් වීමට පළමු මරණයට පත්වෙති. වෘෂභ, කටක රාශියක්‌ නොමවී ක්‍ෂිණ චන්ද්‍රයා සිටියදී එම චන්ද්‍රයා පාපයින්ට පමණක්‌ පෙනෙයිනම් එලෙස උපත සිදුවූවන්ද වැඩි කල් ජීවත් නොවේ.

පොත් පත්වල අන්තර්ගත මෙම කරුණු ඒ ආකාරයෙන්ම සිදුවන්නේ දෘඩ ලෙස පාප පීඩාවන්ට ලක්‌වන්නේ නම් පමණි.

හිඹුටානේ - පියතිලක ද අල්විස්‌
158, හිඹුටාන මුල්ලේරියාව නවනගරය

ලොතරැයි ජයග්‍රහණයට ජ්‍යෝතිෂය ඉවහල් වෙයිද?

by Api Nodanna Live  |  in Life at  11:11 PM


පොහොසතුන් වීමට මිනිසුන් තුළ ඇත්තේ නොසන්සිඳෙන ආශාවකි. පෙර කාලයට වඩා අද ප්‍රබලව නැගී සිටින වෛවර්ණ වෙළෙඳ ලෝකය විසින් මිනිසා මුදල් පසුපස හඹා යන නරුමයෙකු බවට පත්කර ඇතැයි කීවොත් නිවැරදිය. කිසිදු ආගමකින් මුදල් ඉපයීම වත් පොහොසත්කම් ඇති කෙනෙකු ලෙස ජීවත්වීම නරක දෙයක්‌ ලෙස පෙන්වා දී නැත. බුදු සමය මුදල් ඉපයීමේ නිවැරදි ක්‍රම එම මුදල් වැය කළ යුතු නිවැරදි ක්‍රම මැනවින් දක්‌වා ඇත.

වර්තමාන මිනිසා ආගම නීතිය සදාචාරය යන සියල්ල බල්ලාට දමා මුදල් සොයන තැනට පත්ව තිබේ.

අද බොහෝ දෙනකුට අවශ්‍යව ඇත්තේ ඉක්‌මනින් පොහොසතකු වීමටය. ඒ සඳහා නොකරන නීච ක්‍රියාවක්‌ අද සමාජය තුළ නැති තරම්ය. නීච ක්‍රියා කිරීමට අකමැති අය විවිධ දේව පූජා ස්‌තෝත්‍ර ගායනා පහන් දැල්වීම් වාලම්පුරි විවිධ යන්තර මන්තර භාවිත කිරීම් පින්තූර, ලාෆිං තඩ්ඩා (කාට බුද්ධා වුවත් ඒ වාමන රුව මට නම් බුද්ධා නොවේ) ගෙම්බා ඇතුළු තවත් විවිධ උපකරණ නිවසේ හෝ ව්‍යාපාරික ස්‌ථානයේ තබාගැනීම් ආදී බොහෝ ක්‍රියාකාරකම් කරන බව පෙනෙන්නට ඇත.

මාධ්‍ය ඔස්‌සේ විවිධ වේශයෙන් පෙනී සිටිමින් ධනය වැඩිකර ගැනීමේ ක්‍රම සහ විධි කියා දෙන අයගේ දැන්වීම්, සාකච්ඡා ආදිය නහුතයකි.

යම් යම් ප්‍රශ්නවලට මගෙන් උපදෙස්‌ ලබා ජය ගත් අයෙක්‌ පසුගිය දිනෙක මා අමතා තමාට විශාල මුදලක්‌ අවශ්‍ය වී ඇති බවත් ලොතරැයි දිනුමක්‌ ලබා ගැනීමට මග කියා දෙන ලෙසත් ඉල්ලා සිටියේය. එසේ කළ හැකි බව දැක්‌වෙන දැන්වීම් මාධ්‍ය තුළින් තමා දැක ඇති බව තවදුරටත් කීවේය.

එසේ දිනුම් ලැබීමට හැකි නම් දැන්වීම් දමන අය විශාල දිනුම් තමාටම ලබා නොගන්නේ මන්දැයි මම පෙරළා ඇසීමි. එසේ කළ හැකි නම් මම ද සියලුම විශාල දිනුම් ලබා ගන්නා බවද පැවසීමි. ඔහු කාරණය තේරුම් ගත්තේය.

විශාල මුදල් දිනුමක්‌ ලැබීමට නම් ඒ පුද්ගලයා ඊට අදාළ කුසල කර්ම සහිතව (ග්‍රහ පිහිටීම් ඇතිව) උපත ලබා තිබිය යුතුය. නියමිත දින අදාළ ග්‍රහයන්ගේ දශා අතුරු දශා විදශා ලබා තිබිය යුතුය. එදින ග්‍රහ ගෝචරය ඒ සඳහා ගැළපිය යුතුය. දිනුම ලබන්නාගේ මව් පිය අඹු දරු ආදී සමීපතමයන්ට ද පෙර කළ කුසල් ඇත්තන් විය යුතුය. (අදාළ මුදලින් පල ලැබීමට වාසනාව ඇත්තන් විය යුතුය) මේ සියල්ල සපිරි කල්හි කෙනෙකුට විශාල මුදලක්‌ හදිසියේම ලැබෙනු ඇත. එසේම විශාල මුදල් ලැබීමක්‌ කෙනෙකුගේ හෝ එම පවුලේම හෝ විනාශයට හේතුවන අවස්‌ථා ද තිබෙන බව මතක තබා ගත යුතුය.

ලොතරැයි ටිකට්‌ මිලදී ගැනීමට සුදුසු හෝරා ජ්‍යෝතිෂ පොත පතෙහි දක්‌වා ඇත. එම කාල හෝරාව තුළ ලොතරැයි පත් මිලට ගත් පමණින් තමාට දිනුමක්‌ ලැබේය යි සිතතොත් එය මුලාවකි. මේ හෝරා දක්‌වා ඇත්තේ දිනුමක්‌ ලැබීමට සුදුසුකම් ඇති අයට තවත් පිටිවහලක්‌ ලබා ගැනීම සඳහාය. එබැවින් ලොතරැයි මිලට ගන්නා අය කව්රුන් හෝ වේවා මෙම හෝරාවන් භාවිත කළාට ඇති වරදක්‌ නැත. මෙහි හෝරාවන් දක්‌වා ඇත්තේ උදේ 6 ට හිරු උදාවෙතැයි උපකල්පනය කොට ගෙනය. හිරු උදාවන වේලාව වරින් වර වෙනස්‌ වේ. අදාළ හෝරාව ද ඒ අනුව සකස්‌ කර ගත යුතුය. මාධ්‍ය ඔස්‌සේ දිනපතා හිරු උදාව ඔබට දැන ගැනීමට හැකි වනවා ඇත.

උදේ 10-11 සුබ හෝරාව ලෙසදක්‌වා ඇති කල්හි එදින හිරු උදාව 6.20 ට වූයේ නම් සුබ හෝරාව උදේ 10.20 - 11.20 වනවා ඇත.

ලග්නය දිනය සුබ හෝරාව

මේෂ සෙනසුරාදා දවල් 11 - 12

සවස 6 - 7

වෘෂභ බ්‍රහස්‌පතින්දා උදේ 10 - 11

සවස 5 - 6

මිථුන අඟහරුවාදා උදේ 9 - 10

සවස 4 - 5

කටක සිකුරාදා උදේ 7 - 8

සවස 2 - 3

සිංහ බදාදා උදේ 6 - 7

දවල් 1 - 2

රාත්‍රි 8 - 9

කන්‍යා සඳුදා දවල් 12 - 1

රාත්‍රි 7 - 8

තුලා ඉරිදා උදේ 8 - 9

සවස 3 - 4

වෘශ්චික බදාදා උදේ 6 - 7

දවල් 1 - 2

රාත්‍රී 8 - 9

ධනු සිකුරාදා උදේ 7 - 8

සවස 2 - 3

මකර අඟහරුවාදා උදේ 9 - 10

සවස 4 - 5

කුම්භ බ්‍රහස්‌පතින්දා උදේ 10 - 11

සවස 5 - 6

මීන සෙනසුරාදා දවල් 11 - 12

සවස 6 - 7

මේ අනුව ඔබට තම ලග්නයට හිමි දිනය සහ හෝරා මතක තබාගෙන ලොතරැයි පත් මිලට ගැනීමට හැකිවේ. එහෙත් තම අතේ ඇති මුළු මුදලින්ම ලොතරැයි පත් මිලට ගැනීම වැනි අනුවණකම් නොකළ යුතුය. ජාතික ලොතරැයි මණ්‌ඩලයට අනුබද්ධිතව ඉතා විශාල පිරිසක්‌ ජීවිකාව කර ගන්නා නිසාත් ලොතරැයි මුදලින් විවිධ සමාජ සේවා කෙරෙන නිසාත් නොසිතූ මොහොතක තමනට ද වාසනාව ළඟාවිය හැකි නිසාත් මසකට වරක්‌ දෙකක්‌ ලොතරැයි පතක්‌ මිලට ගැනීම යහපත් බව කීමට හැකිය.

අනෝමා පී. ඈපා සෙනෙවිරත්න

Proudly Powered by Blogger.