දේශපාලන කරලිය මොහොතින් මොහොත වෙනස් වන්නකි. ජනාධිපතිවරණය පිළිබඳව කතිකාවත ඇරඹුණ තැන් පටන් අපි ජ්‍යෝතිෂ විමසුම්වල යෙදෙමින් මීට කලින් නැකත පාඨක ඔබ දැනුවත් කළෙමු. ඒ නොවැ මස 09 වැනි ඉරිදා නැකත තුළිනි. එවකට විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයෙක් නොවූ අතර පොදුවේ ප්‍රධාන විපක්‍ෂය සහ පවතින රජය සම්බන්ධ කර ගලපන ලද ජ්‍යෝතිෂමය විග්‍රහයකි.
විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආරම්භ කරන ලද 1951 සැප්තැම්බර් 02 වැනි දින සම්බන්ධයෙන් යළි සලකා බලමින් වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව යම් කිසි දැක්‌මකට ජ්‍යෝතිෂමය අතින් එළඹීමට හැකියාව පවතී. විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජන්ම පත්‍රය අප සතුව නැති බැවින් රටේ ජන්ම කේන්ද්‍රය හා පාලකයාගේ කේන්ද්‍රය හරහා ජ්‍යෝතිෂමය විග්‍රහයකට පැමිණීම ද අපහසු නොවන්නකි.
1951 සැප්තැම්බර් 02 ඉරිදා පුවපල් නැකතත්, පුර පෑලවියත් සිද්ධි යෝගයත් කිංස්‌තුංග කර්ණයත් උදා ව පැවතුණි. එසේම එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආරම්භ කර අග්‍රාමාත්‍ය ධුරයට පත්ව ඉතා කෙටි කලකින් එනම් 1959 සැප්තැම්බර් මස අවාසනාවන්ත මරණයකට ගොදුරු විය. 1956 අප්‍රේල් 16 එතුමා අගමැති ධුරය භාරගෙන වසර 04 මාස 09 කට පසු එතුමාට එවන් ඉරණමක් අත් වූයේ ඇයි? වැඩ භාරගත් දිනය අසුබතාවයෙන් යුක්‌තව තිබුණු බැවිනි. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ පාලනය භාරගත් තැන ඇති වූ දෝෂය දිගින් දිගට කඩින්කඩ බලපෑම් ඇති කරයි.
ඒ රාජ්‍ය නායකත්වය අතිශයින් ම ලෝකයේ බරපතළම තත්ත්වයක් බැවිනි. ඒ යට ගියාවත එසේ වෙද්දී 2015 ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ ද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නිර්මාතෘ දිවංගත බණ්‌ඩාරනායක මහතාගේ උපන්දිනය වූ ජනවාරි 08 වැනිදාය. මහින්ද රාජපක්‍ෂ මහතාගේ 03 වැනි වර ජනපතිවරණය සුවිශේෂිත මැතිවරණයක් බවට පත්ව තිබේ. ඊට එය ද එක් හේතුවකි. අනෙක වන්නේ හිටපු ජනපතිනිය වූ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය ද විපක්‍ෂ පොදු අපේක්‍ෂකයාට සම්බන්ධ ප්‍රධාන භූමිකාවක් වීමය.
මෙහිදී මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජන්ම කේන්ද්‍රයේ තත්ත්වයට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජන්ම කේන්ද්‍රයේ තත්ත්වය ගැළපීම අවශ්‍ය නමුදු එතුමාගේ ජන්ම කේන්ද්‍රය අප සතුව නැත. එබැවින් පොදු අපේක්‍ෂකයා වටා ඒකරාශී වන බලවත් පුද්ගල කේන්ද්‍රවල තත්ත්වය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජන්ම කේන්ද්‍රයට සස¹ බැලීමෙන් විපක්‍ෂ පොදු අපේක්‍ෂකයා මෙහෙයවන බලවේග වල තත්ත්වය මත ඔහුගේ ජයග්‍රහණය හෝ මහින්ද රාජපක්‍ෂගේ ජයග්‍රහණය හෝ කෙසේ වේදැයි යම් උපකල්පනයකට එළඹිය හැකිය.
පසුගිය නොවැ. 09 වන ඉරිදා නැකත තුළින් මහින්ද රාජපක්‍ෂ මහතාගේත්, රනිල් වික්‍රමසිංහ මහතාගේත් මේ වන විට ජන්ම කේන්ද්‍රවල පවත්නා තත්ත්වය විග්‍රහ කර තිබේ. ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා බුධ මහ දශාවේ ගතවන අතර, බුධ සෙනසුරුගෙන් පීඩා වී ඇති නිසා තමන්ට අයිති බලය අනුන්ට අයත්වන තත්ත්වය පවතී.
ඊළඟට චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ ජන්ම කේන්ද්‍රයේ දැන් පවත්නා තත්ත්වය අවශ්‍ය වේ. ඇය දැන් සිටින්නේ ගුරු මහ දශාවේය. උපතින් ගුරු කේන්ද්‍රයේ දෙවැන්නේ සිටි බැවින් එය ඉතා සුබදායක පිහිටීමකි. රාජ්‍යත්වය හොබවන 10 අධිපති කුජ, ඔහුට පෙනුන නිසා මේ ගුරු මහ දශාව තුළ යම් බලයක් රාජ්‍යමය අතින් පිහිටා තිබේ. නමුත් දැන් ඇය සිටින්නේ සෙනසුරුගේ අන්තර් දශාව තුළ ය.
සෙනසුරු වනාහි ඇගේ කේන්ද්‍රයේ 08 වැන්නාධිපතියාය. ඔහු කේන්ද්‍රයේ 12 වැන්න තුළ වියෝග කාරක යෝගයක සිටී. එනම් රවි හා රාහුට සංයෝග වෙමිනි. මෙම යෝගය සම්බන්ධව ජී. එම් ගුණපාල ශූරීන් ලියූ උසස් ජ්‍යෝතිෂය නම් පොතේ 56 වැනි පිටේ පළමු ඡේදය මෙසේ පවසයි.
"අදාළ කණ්‌ඩායම් අතර භේද ඇතිකිරීම සඳහා රවි ප්‍රකටය. මෙම ග්‍රහයා විශේෂ සිද්ධියක් හෝ පුද්ගලයකු හෝ නියෝජනය කරන සාධකයන්ට බලපාමින් එම පුද්ගලයාට හෝ සිද්ධියට භේද හෝ වෙන් කිරීම් (වියෝග) ඇති කරන සාධක සමඟ සම්බන්ධ වූ විට අදාළ දෙය හෝ පුද්ගලයා හෝ අත්හැරීමට සිදු වේ. වියෝග භේදයන්ට බලපාන අනෙක් සාධක නම් ශනි - රාහු ඔවුන් සිටි රාශි හා 12 වැනි භාවාධිපතියා ය.
මේ අනුව චJද්‍රිකා කුමාරතුංග මැතිනියගේ රාජ්‍ය කාරක රවි ඉහත කී පරිදි ශනි හා රාහුට එක්‌ව සිටී. එසේම එම රාශි අධිපති මෙන්ම බුධ ග්‍රහයා ද 12 වැන්න අධිපති ලෙස එහි එම යෝගය තුළ පෙනී සිටී. මේ ඉහත උසස් ජ්‍යෝතිෂය පවසන යෝගය මනා ලෙස පිහිටීමකි. එසේම සෙනසුරු 08 වැන්නාධිපති ලෙස තදම සතුරාය. අනෙක පොදු මහජනතාව නියෝජනය කරන්නේ ද ඔහු ය. ඔහුගේ අතුරු දශාව තුළ සිටී. එබැවින් ඇයට සෙනසුරු අතුරු දශාව අවසන් වන්නේ 2016 මාර්තු 07 වැනිදාය. මැතිවරණය පැවැත්වෙන්නේ 2015 ජනවාරි 08 දා ය.
මේ තත්ත්වයන් මත චJද්‍රිකා මැතිනියගේ භූමිකාව තුළ දෛවය දුර්වල බවක් පෙනේ. එසේම අනෙක් අතින් රනිල් වික්‍රමසිංහ මහතා බුධ මහ දශාවේ ය. එතුමාට බුධ 22 වන දෙර්කාණ අධිපති බැවින් නරකම දශාවක එතුමා සිටී. එසේම එතුමාගේ කේන්ද්‍රයේ බුධ ග්‍රහයා සෙනසුරු හා කේතු දෙදෙනාගෙන් තදබල ලෙස පීඩාවකට පත් ව සිටී. එසේ වුවද එතන වියෝග කාරක තත්ත්වයක් නැත. නමුත් 12 වැන්න තුළ බුධගේ පිහිටීම සම්බන්ධව දශාඵල රහස් නම් පොත මෙසේ පවසයි.
"බුධ 12 වැන්නේ සිටීමෙන් ජන්මියා උගත් හා ගිහි පැවිදි අය නිවසට කැඳවා සංවාද..... සංග්‍රහාදිය කරනු ඇත. සතුරන් පරදවනු ඇත...... බුධ තදබල ලෙස පීඩා වී නම් ජන්මියා පමණ ඉක්‌මවා වියදම් කරන, රට ජාතිය පාවාදෙන, ධනවත් එහෙත් මෝඩ රෝගියෙකු කරයි....." (දශාඵල රහස් 169 පිට)
මේ තත්ත්වයන් සැලකිල්ලට ගැනීමේදී බුධගේ 22 වන දෙර්කාණ අධිපතිත්වය විශේෂයෙන් බලපාන්නේ ද තමන්ගේ නරක අතට ය. ඒ නිසා තමන්ට තිබෙන තැන පවා නැති වී යන තත්ත්වයට බුධගේ ක්‍රියාකාරීත්වය වර්ධනය වීමට පවා ඉඩ තිබේ. ඒ නිසා ප්‍රධාන ප්‍රතිවාදියා වන මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ දෛවය ඉතා යහපත් බව පෙනෙන්නට ඇත. එතුමාගේ කේන්ද්‍රයේ කෝටියක් දොaෂ භංග කරමින් ලග්නයට දිග් බල වූ ගුරු මහ දශාවේ එතුමා සිටී. එසේම එතුමාගේ ලග්aනාධිපති වූ බුධගේ අන්තර් දශාව තුළ සිටී. උපතින් බුධ සිටින්නේ ද රවි සමඟÊසංයෝග වී 03 වන භාවය තුළය.
ඒ වෘෂ්චික රාශියයි. බුධ එතුමාගේ රාජ්‍යත්වය පවතින 10 වැන්න අධිපති වෙයි. රාජ්‍ය කාරක වූ රවිත් සමඟ ඔහු සම්බන්ධව පවතී. බුධ වෘෂ්චිකයේ සිටීමෙන් ම විධායක බලතල පාවිච්චි කිරීමට ද හැකියාව ලැබේ. එම ස්‌ථානය 03 වන භාවය බැවින් රට ජාතිය කෙරෙහි ජාතිකාභිමානය පණ ගැන්වෙන ස්‌ථානය ද වෙයි. එනිසා බුධගේ අතුරු දශාව එතුමාට අසුබ දායක නොවන බව පෙනේ.
එසේම ගුරු මහ දශාවේ බුධ අතුරු දශාවයි. මේ දශාව සම්බන්ධයෙන් දශාඵල රහස් නම් ග්‍රන්ථය මෙසේ පවසයි.
"ජන්මියා බුදුන් දෙවියන්ගේ කරුණාව ලබනු ඇත. කටයුතු පහසුවෙන් ඉටුකර ගැනීමට හැකිවේ. තරග විභාග ආදියට පෙනී සිටී නම් ජය ගනී.." (දශාඵල රහස් 169 පිට)
එසේම 2015 ජනවාරි 08 වැනි දින වන විට බුධ එතුමාගේ කේන්ද්‍රයේ 05 වැන්න තුළ රාජ යෝග කාරක ශුක්‍ර සමඟÊසංයෝග වී සිටී. එනිසා රාජයෝග තත්ත්වයක් පවතී. එවන් අවස්‌ථාවක ජනාධිපති මැතිවරණය පැවැත්වීම තුළ ඇත්තේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට සුබ දෛවයක් බව පෙනේ.
ප්‍රතිවාදී පිලේ මෛත්‍රීපාල සිරිසේන මහතාට මේ තත්ත්වයන් යටතේ මුහුණ දීමට සිදුවන්නේ කුමක්‌ද යන්න අවිනිශ්චිතව පවතී. ඒ එතුමාගේ ජන්ම පත්‍රය අපට නොලැබුණ බැවිනි. නමුත් වත්මන් ජනාධිපතිවරයාගේ දෛවය අභිබවා ඔහුට ඉදිරියට යැමේ හැකියාව දුර්වල බව ඔහු වටා පවතින අනෙකුත් තත්ත්වයන් දෙස බැලීමෙන් පමණක් වටහා ගැනීමට හැකියාව පවතී. රාජ්‍ය නායකත්වය යනු මිනිස් භවයක ලැබෙන සුවිශේෂිත වූ මේ වරප්‍රසාදය හිමිවන්නේ එක් පුද්ගලයකුට පමණි. එය ද එක්‌තරා අන්දමකින් දේව වරප්‍රසාදයක් බඳු තත්ත්වයකි. විශේෂයෙන් අප රටේ ඉතිහාසය තුළ රජවරුන්ගේ සිංහාසන සම්ප්‍රාප්ති දෙස බලන විට වත්මන් නායකයාගේ කේන්ද්‍රයේ දැන් පිහිටීමට සමාන පිහිටීම් දක්‌නට ලැබෙයි.
උදාහරණයක් ගතහොත් 1977 වසරේදී අප රටේ ප්‍රථම වරට 2/3 ජන වරමක් ලබාගත් ඡේ. ආර්. ජයවර්ධන මැතිතුමා ද ගුරු මහ දශාවේ විය. එම ජන වරමට හේතු වූයේ ගුරු මහ දශාවේ සිකුරු අන්තර් දශාවය. ලබන ජනවාරි 08 වැනිදාට මහින්ද රාජපක්‍ෂ සිටින්නේ ගුරු මහ දශාවේය. එතුමාද කන්‍යා ලග්නය වන අතර ඡේ. ආර්. ජයවර්ධන මහතාගේ ලග්නය ද කන්‍යාවම විය. එතුමා රාජ්‍ය බලය ලබා ගන්නා විට සිකුරු බුධට සංයෝගව සිටියේය.
අද මහින්ද රාජපක්‍ෂ මහතා ජනපතිවරණයට මුහුණ දෙන්නේ ද සිකුරු හා බුධ සංයෝගය පවතින විට ය. එදා ඡේ. ආර්. රජ වන විට රාහු සිටියේ ලග්නයේ ය. අද ජනවාරි 08 වන විට මහින්ද රාජපක්‍ෂගේත් කන්‍යා ලග්නයේම රාහු සිටී. එදා ඡේ. ආර්. ට ගුරු මහ දශාව පවතින විට ගුරු සිටියේ ත්‍රිකෝණගතව 09 වැන්නේය. අද මහින්ද රාජපක්‍ෂගේ ගුරු ග්‍රහයා උච්ච බලයෙන් 11 වැන්නේ ය. එදා ඡේ. ආර්. ට අතුරු දශාව සිකුරු වූ අතර අද මහින්ද බුධ අතුරු දශාවේ ය. මේ දෙදෙනාගේම කේන්ද්‍රවල මේ ග්‍රහයන් දෙදෙනා එකට එක්‌ව රාජයෝග තත්ත්වයක සිටීම ද විශේෂත්වයකි.
මේ ග්‍රහ පිහිටීම් හා සිදුවීම් සැලකිල්ලට ගැනීමේදී මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට ග්‍රහ තත්ත්වයන්ගේ වැඩි බලවේගයක් ඒකරාශී වී තිබෙන බව පෙනේ. කෙසේ නමුත් මෙවර ජනපතිවරණය සංකීර්ණ තත්ත්වයන් යටතේ පවතී. දේශපාලනය ද මොහොතින් මොහොත වෙනස් වන්නා සේ ම විශ්ව බලයේද වෙනස්‌කම් ඇතිවෙයි. ඒවා අවිනිශ්චිතය.
කෙසේ වෙතත් මේ ලියන මොහොත වන විට මෛත්‍රීපාල සිරිසේනත් මහින්ද රාජපක්‍ෂත් අතර පවතින ග්‍රහ බලය තුළින් වැඩි ශක්‌තියක් ඇත්තේ මහින්දට ය. ඇමැතිවරයකුට එක්‌වරම රටේ ප්‍රථම පුරවැසියා වීමට කටයුතු කිරීමට තරම් බලයක් ඒමට නම් ඔහුගේ දෛවය තුළ ද යම් බලයක් කේන්ද්‍රගතව තිබිය යුතුය. ඒ ගැන තතු කෙසේ දැයි අපි නොදනිමු. එය දැනගත හැක්‌කේ ද 2015 ජනවාරි 08 වැනිදායින් පසුය.
ජ්‍යෝතිෂවේදී
අගලවත්තේ බී. හේරත්
0 comments: