Sunday, December 21, 2014

බිරිඳට පහර දෙන සැමියන් හඳුනා ගන්න

by Api Nodanna Live  |  in Life at  2:59 AM

ජීවිතයට ජ්‍යෝතිෂය
පියසේන රතුවිතානගේ විග්‍රහය

විවාහය යනු පුරා දසවසක්‌ තනි පයින් සිටීම වැනි, අත්වැලක්‌ නැතිව ඒදණ්‌ඩක්‌ හරහා යන ගමනකට උපමා කළ හැකිය. නැත්නම් දැස පියා ගෙන කහ ඉර හරහා මාරුවන, අවධානයෙන් තොරව දුම්රිය මාර්ගය දිගේ ගමන් කිරීම වැනි අඩමාන ගමනකටද උපමා කළ හැකිය.

විවාහයකින් තොරව ජීවත් වීම තනි අතින් අත්පොළසන් දීමක්‌ වැනි හිස්‌ උත්සාහයකි.

ඒ විවාහයේ එක්‌ පැත්තක්‌ පමණි. විවාහය යනු වන්දනාගමනක්‌ වැන්න, විනෝද චාරිකාවක්‌ වැන්න. ඒත් නම් තනිවම උසුලා ගෙන යා යුතු බරකට පොඩි අත් උදව්වකැයි උපමා කළ හැකිය.

බිරිඳ යනු සැමියාගේ දැතට දැමූ මාංචුවකැයි කිව හැකිය. සැමියා යනු බිරිඳට මහා බාධක කඳුවැටියකැයි ද උපමා කළ හැකිය. කෙනකුට විවාහය මඳපානේ කළු ගඟේ ඔරු පැදීමක්‌, උයනකට වැද මල් නෙළීමක්‌ වැනි සුන්දර අත්දැකීමකි. ජීවිතාන්තය දක්‌වා බරපතළ වැඩ සහිතව බන්ධනාගාරගත වීමකැයි කියන්නත් බැරි නැත.

විවාහයකදී බිරිඳ යනු ජීවන ගමන සුන්දර කරන සුබදායක සිදුවීමක්‌ වුවත් ඇතැම් සැමියෙක්‌ සුළු වරදකට බිරිඳට පහර දෙයි. එහෙම වන අවස්‌ථා ජන්ම කේන්ද්‍රයෙන් හෙළිදරව් කෙරේ.

බිරිඳගේ කේන්ද්‍රයේ 7 වැනි රාශිය පාප ග්‍රහයෙකුට අයත් රාශියක්‌ වී එම රාශිය දෙපස රාශි දෙකේද පාප ග්‍රහයන් දෙදෙනකු වෙතොත් ඒ වූ කලී අවාසනාවට ග්‍රහ පිහිටීමකි. එසේ වූ විට සැමියාගේ ආදරයට පාත්‍ර නොවේ. අවමන් ලබන, නින්දා ලබන, ඇතැම් විට සැමියාගෙන් පහර කන කඳුළු හෙළමින් ජීවත්වීමට ඉඩ ඇති ග්‍රහ පිහිටීමකි.

ඇතැම් විට 6, 8, 12 යන නැකතකට සම්බන්ධ වී සිකුරු වෙතොත් එම බිරිඳ තමාගේ විනාශයට තෙමේම දායක වන බවක්‌ පෙන්වයි.

හත් වැනි රාශිය පමණක්‌ නොව විවාහ කාරක සිකුරු ග්‍රහයා සිටි රාශිය දෙපස දුෂ්ට ග්‍රහයන් දෙදෙනකු සිටීමත් එසේය. එය රාශිය හෝ විවාහ කාරක සිකුරු පාපකාරී වීමක්‌ සේ දක්‌වයි.

ජීවිතයේ පෞරුෂය ගොඩ නගන ලග්නාධිපති නීච වීම, පාප පීඩිත වීම, අසුබ දෙර්කාණයකට මැදිව සිටීම නිසාත් බිරිඳ සැමියාගෙන් කායික මානසික පීඩා ලැබීම පෙන්වන්නකි.

එසේම ස්‌ත්‍රී කේන්ද්‍රයක හෝ පුරුෂ කේන්ද්‍රයක ලග්නාධිපති නවය අධිපති හා සඳු යන ග්‍රහයන් තිදෙනාම නීචව සිටියේ නම් ඔහුගේ ඇගේ විවාහය සුන්දර නැත. සැමියාගේ ජන්ම කේන්ද්‍රයේ සියලුම ග්‍රහයන් චර රාශිගතව සිටියේ නම් (එය රඡ්ජු යෝගයකැයි) හෙතෙම අනියම් පහස පතා ගෙන් ගෙට යන්නෙකි. ඒ යෝගය බිරිඳගේ කේන්ද්‍රයේ යෙදුනත් එසේය.

සැමියාගේ හෝ බිරිඳගේ කේන්ද්‍රයේ සියලුම ග්‍රහයන් තිර රාශිගතව සිටියේ නම් (වෘෂභ, සිංහ, වෘශ්චික හා කුම්භ තිර රාශීන්ය) ආඩම්බර උද්ධච්ඡ කෙනෙකි. එය මූසල යෝගය වෙයි. එසේම සියලුම ග්‍රහයන්, උභය රාශිවල (මිථුන, කන්‍යා, ධනු හා මීන) සිටියේ නම් කපටි පලායන කෙනෙකි. එය නල යෝගය නමින් හැඳින්වේ.

ස්‌ත්‍රී - පුරුෂ කේන්ද්‍රයක සියලුම පාප ග්‍රහයන් කේන්ද්‍රස්‌ථානගතව වෙතොත් හැම අතින්ම දුක්‌ත ජීවිතයක්‌ ගත කරන්නෙකි. දුක්‌ දොම්නස්‌වලට මුහුණ දෙන්නෙකි. ඔහු තුළ දුෂ්ට ගති ගුණ වෙයි. මෙය සර්ප යෝගය වශයෙන් හඳුන්වනු ලැබේ.

විවාහයට ගැහැනියක හෝ පිරිමියකු තෝරා ගැනීම ඉතා අපහසුය. පොරොන්දම් මගින් හොඳ බිරියක - සැමියක තෝරා ගැනීමට බැරිය. දෙදෙනාගේ සිත ක්‍රියා කරන හැටි තේරුම් ගැනීමට සඳුගේ ස්‌වභාවය තේරුම්ගත යුතුය. ආත්මාර්ථකාමී බව, වංචා සහගත බව, ගුප්ත බව විවාහයක්‌ බිඳ දමන බලවේග වේ.

දුෂ්ට සිතුවිලි ඇති කෙනකුට ආදරය කළ නොහැකිය. කෙනෙකු දුෂ්ට වන්නේ සඳු පාප පීඩිත වූ විටය. ලග්නාධිපති දුබල වූ විටය. ලග්න රාශියේ පාපීන් සිටි විටය. එවිට ප්‍රියජනක සිතුවිලි නැත.

එබඳු ග්‍රහ පිහිටීම් ඇති පුරුෂයෝ සිය බිරින්දැවරුන්ට ශාරීරික පීඩා දෙති. මානසික පීඩා දෙති. පහර දෙති. ආදරය වෙනුවට අනාදරයට පෙරදැරි කරති. මනුෂ්‍යයකුට එකම අප්‍රසාදය තුන් හතර ආකාරයකින් ප්‍රකාශ කළ හැකිය. නිදසුනක්‌ ගනිමු.

බිරිඳ සිය සැමියාට තේ කෝප්පයක්‌ රැගෙන එයි. සමහර විට එම තේ බඳුනට කහට වැඩි විය හැකිය. සීනි අඩුවිය හැකිය. තේ කෝප්පය තුන් අයුරින් විග්‍රහ කළ හැකිය.

1. යකෝ මේක බොන්න පුළුවන්ද කහට වැඩියි.

2. මේ තේ එකට කහට ටිකක්‌ අඩුකර සීනි ටිකක්‌ වැඩි කළේ නම් පංකාදුයි.

3. සුදොa, ඔයා ඊයේ හැදූ තේ එක නම් මීට වඩා හොඳයි.

මේ තුන් අයුරින්ම පළ කළේ තේ ටික රහ නැති බවය. පළමු ප්‍රකාශයෙන් බිරිඳගේ සිත රිදෙයි. දෙවැනි තෙවැනි ප්‍රකාශවලින් ඇගේ සිත රිදෙන්නේ නැත. හැම සැමියෙක්‌ම බිරිඳට යම් ප්‍රමාණයකින් ගරු කළ යුතුය. ඇගේ සිත දූෂණය කරත්ම ආදරය සෙනෙහස පලා යයි.

හොද්දට ලුණු අඩු නම් හෝ එයට ලුණු දැමීමට ඇයට අමතක වී ඇත්නම් බිරිඳ අමතා සඳුනි මේ දිනවල හම්බන්තොට වරායේ වැඩ වර්ජනයක්‌ තියෙනවා දැයි සාහිත්‍ය බසින් ප්‍රශ්න කළේ නම් බුද්ධිමත් බිරිඳ,

එහෙම එකක්‌ නම් නැහැ ඒත් සමුපකාරයේ ලුණු හිඟයක්‌ තිබෙනවා, යි සැහැල්ලුවෙන් පිළිතුරු දෙයි.

බිරිඳට අතින් පයින් පහර දීමට වඩා බුද්ධියෙන් නොරිදෙන්නට පහර දිය හැකිය. සැමියාට හෝ බිරිඳට සිය ජන්ම පත්‍රයේ රේඛා යෝගය වූයේ නම් අවාසනාවන්තය. උපතේදී ලග්නාධිපති දුබල වී අය අධිපතියාගේ දෘෂ්ටියට ලක්‌වූයේද රවිගෙන් ගුරු දුබල වී අස්‌ත වූයේද එම ග්‍රහ යෝගයට රේඛා යෝගයකැයි කියති. රේඛා යෝගයෙන් උපන් බිරිඳ හෝ සැමියා සියලු සැපතින් තොරය.

රේඛා යෝගයෙන් උපන්නාට දැනුම නැත. වස්‌තුව නැත නිවටය. සතුරු සිත් සහිතය. රාගාධිකය, ක්‍රෝධයෙන් යුතුය. කැළැඹුණු සිත් ඇත්තේය. එකඟ නැත. අපිරිසිදුය. දෙවියන්ටත් අවමන් කරයි. නෑයන්ට අපහාස කරයි.

එහෙයින් රේඛා යෝගය සහිත කෙනෙකුට විවාහ සැපත නැත. උපතේම දුක කර පින්නා ගෙන එන අයත් එසේම සියලු සැප සම්පත් සහිතව උපත ලබතත් විවාහයෙන් පසුව මහත් සිත් වේදනා සහිතව ජීවත්වන අයත් අපට හමු වේ. එයට හේතුව සිය ජන්ම කේන්ද්‍රයෙන් පැහැදිලි වෙයි. පහත සඳහන් කේන්ද්‍රය බලන්න.

මේ 1962 වර්ෂයේදී උපන් කාන්තාවකගේ කේන්ද්‍රයකි. රාශි හතක ග්‍රහයන් සිටියදී මා පිය උරුමයෙන් භව භෝග සම්පත් ඇතිව උපන්නත් ජීවිතයේ පසු කාලය බෙහෙවින්ම දුක්‌බර විය. මේ කේන්ද්‍රය මේෂය විය. පහත සඳහන් ග්‍රහ පිහිටීම ඒ කේන්ද්‍රයේ වෙයි.

1. ලග්නාධිපති කුජ නීචය.

2. එම කුජ පාපී රාහු සමඟ යෝගව පාපී සෙනසුරුට අයත් සෙනසුරුගේම නැකතක සිටියේය.

3. කුජ පමණක්‌ නොව රවි ද නීචව 7 වැන්නේය.

4. විවාහ කාරක සිකුරු නීචව 8 වැන්නේ සිටියේ සෙනසුරුට අයත් අනුර නැකතේය.

5. ලග්නාධිපති කුජම මේ කේන්ද්‍රයට 8 අධිපතියා පමණක්‌ නොව 22 වැනි දෙර්කාණාධිපතියාද විය.

6. තද පාපි අඟහරුගෙන් විවාහ රාශිය වූ 7 වැන්නත්, පිය කාරක රවිත් පීඩා වී ඇත.

7. එසේම තද පාපී කුජ - ලග්නාධිපති, රාහුගෙන් පීඩා ලබයි.

මේ සියලු ග්‍රහ පිහිටීම් යහපත් නැත. මේ කේන්ද්‍ර හිමියා සැමියා ගෙන් නිතර නිතර කායික මානසික පීඩා ලබයි. ඇයට ඇගේම නිවසින් යන්නැයි බල කරයි. ඇයට ඇගේ දරුවන් පවා හිතවාදීකමක්‌ නැත. මේ කේන්ද්‍රයේ විවාහකාරක සිකුරුත්, 7 වැන්නත් දෙකම දුර්වල හෙයින් ඇයට ඇගේ විවාහය බරකි. සැමියාගෙන් පහර ලබන කෙනෙකි.

ඉහත කේන්ද්‍රයේ කුජ - රාහු සිවු වැන්නේය, සඳු පස්‌වැන්නේය. බුද 6 වැන්නේය. රවි 7 වැන්නේය. සිකුරු 8 වැන්නේය, ශනි - කේතු 10 වැන්නේය. ගුරු 11 වැන්නේය. ලග්නාධිපතිත් විවාහකාරක සිකුරුත්, හත්වැන්නත් යන තුනම දුර්වල නම්, පීඩා වී ඇත්නම් එම කේන්ද්‍ර හිමියා රන් මසුරන් ගොඩක උපත ලබතත් ජීවත් වුණත් අවාසනාවන්තයකු බව මේ ලිපිය ආරම්භයේම සඳහන් කෙළෙමි. තවදුරටත් එම කේන්ද්‍රයේ 1, 4, 7, 10 යන රාශීන් හෝ රාශි අධිපතියන් දුබල හෙයින් ජීවන ගමන දුක්‌බර වී ඇත.

මෙතෙක්‌ සඳහන් කළේ සැමියාගෙන් පහරකන ග්‍රහ පිහිටීම් ගැනය. රහසේම බිරිඳ අතහැර යන සැමියන් ගැනත් සැමියා අතහැර යන බිරියන් ගැනත් බොහෝ විට අසන්නට ලැබේ. තමාගේම දරුවන් අතහැර අනියම් සැමියකු කරා යන බිරියන් හා පුරුෂයන් ගැනත් අසන්නට ලැබේ.

එහෙම වන්නේ ආදරයට, ස්‌නේහයට වඩා රාගය උත්සන්න වූ විටය. කේන්ද්‍රයක සිකුරු නීච වීම, 7 වැන්න හෝ විවාහ කාරක සිකුරු පාපකාරී වීම, කුජ - රාහු වැනි පාපී ග්‍රහයකු 7 වැන්නට හෝ සිකුරුට සම්බන්ධව සිටීම යන කරුණත් ප්‍රධාන වෙයි. ලිංගික දුබලකම් හා රෝගී තත්ත්වයන් සඳහා නම් විවාහකාරක සිකුරුය 6, 8 යන දුෂ්ට රාශිවල සබඳකම් විය යුතුය.

ස්‌ත්‍රියකගේ ජන්ම කේන්ද්‍රයේ 7 වැන්න පාප කාරීවීම වෙතොත් ඒ ස්‌ත්‍රිය විවාහයෙන් පසු සිය සැමියාගේ පහරදීම්වලට ගොදුරු වන බවක්‌ මේ ලිපියේ මුලින් සඳහන් කෙළෙමි. පහත පළවන්නේ නිරතුරුවම සැමියාගෙන් පහර ලැබ ශාරීරික දුබලතාවලට මුහුණ දුන් ස්‌ත්‍රියකගේ ජන්ම කේන්ද්‍රයයි.

උපත 1976 නැකත කැති 1

මේ කේන්ද්‍රයේ 7 වැන්න තද පාපි ග්‍රහයන් දෙදෙනකු වන සඳු - ශනි දෙදෙනාට මැදිව පාප කාරීව ඇත. 6 වැන්නේ සිටින සඳු 8 අධිපතියාය 8 වැන්නේ සිටින සෙනසුරු නෛසර්ගික පාපියෙකි.

තව දුරටත් 6 වැන්නේ සිටින අඟහරුත් a එම පාප කාරී යෝගයට දායක වී ඇත. 6 වැන්නේ චන්ද්‍ර මංගල යෝගය ද වෙයි. 7 වැන්නට කිසිදු සුබ දෘෂ්ටියක්‌ ද නැත. විවාහ කාරක සිකුරුත් පාපින්ට මැදි වී ඇත. ඒ හැම යෙදීමක්‌ම යහපත් නැත.

සැකසුම - දීප්ති ප්‍රමිතා අධිකාරි

0 comments:

Proudly Powered by Blogger.