Friday, December 26, 2014

අද දවස ඔබට කොහොමද? 2014-12-27

by Api Nodanna Live  |  in Daily Horoscope at  8:08 PM

මේෂ ලග්නය
උසස් මට්ටම් වල අය සමග ඇති වන සම්බන්ධතා වලින් වාසි ඇත වේ. උදරය ආශ්‍රිතව ඇතිවන අසනීප වලින් ප්‍රවේසම් වන්න. ගේ දොර ඉඩකඩම් යාන වාහන විකිණීම් මිලදී ගැනීම් සඳහා සුබ දවසක්‌. දවසේ මැදි කාලය තුල තම පවුලේ සාමාජිකයින් වෙනුවෙන් කාලය කැප කරනවා. වියදම් වැඩි දවසක්‌. දවස සාර්ථක කරගැනීම සදහා උදේ 09.36 ට යෙදෙන සුබ මොහොත භාවිතා කරන්න.

වෘෂභ ලග්නය
අද දවස ඔබට වාසනාවන්ත දිනයක්. ආගමික කටයුතු සඳහා වෙහෙසෙයි. පවුලේ ප්‍රීතිය වැඩි වෙයි. ගෘහ ජීවිතය යහපත් තත්වයකට පත් වෙයි. වෙළඳ ව්‍යාපාර වලින් ලාභ අත්වෙයි. සේවකයන්ගේ සහයෝගය වැඩිපුර ලැබෙයි. අධ්‍යාපන කටයුතු හොදින් සිදු වෙයි. දවස සාර්ථක කරගැනීම සඳහා පෙ.ව.06.16 ට යෙදෙන සුභ මොහොත භාවිතා කරන්න.

මිථුන ලග්නය
අවිවාහකයන්ට මංගල යෝග යෙදෙනවා. නිවසෙන් දුරබැහැරව විදේශගතව කරන රැකියා ව්‍යාපාර වලින් බොහෝ සාර්ථක විය හැකිය. සෙම් කෝපයෙන් ඇතිවන ලෙඩ රෝග වලින් ප්‍රවේසම් වන්න. පවුලේ සමගිය වැඩිවන සුබ දවසක්. දවස සාර්ථක කරගැනීම සදහා උදේ 08.22 ට යෙදෙන සුබ මොහොත භාවිතා කරන්න.

කටක ලග්නය
කෙටි ගමන් බිමන් බහුලව යෙදෙනවා. නිවසෙන් දුරබැහැරව විදේශගතව කරන රැකියා ව්‍යාපාර වලින් බොහෝ සාර්ථක විය හැකිය. අස්ථි සන්ධි වල අසනීප වලින් ප්‍රවේසම් වන්න. ලැබ්ම් අතින් යහපත්. දවස සාර්ථක කරගැනීම සදහා උදේ 7.19 ට යෙදෙන සුබ මොහොත භාවිතා කරන්න

සිංහ ලග්නය
අවිවාහකයන්ට මංගල යෝග යෙදෙනවා. වියදම් වැඩි දවසක්ද වනවා. සෙම් කෝපයෙන් ඇතිවන ලෙඩ රෝග වලින් ප්‍රවේසම් වන්න. පවුලේ සමගිය වැඩිවන සුබ දවසක්. දවස සාර්ථක කරගැනීම සදහා උදේ 08.22 ට යෙදෙන සුබ මොහොත භාවිතා කරන්න.

කන්‍යා ලග්නය
වෙළෙඳ ව්‍යාපාරිකයන්ට යහපත් ආදායමකට මග පෑදේ. නව රැකියා හෝ තනතුරු උසස්වීම් ගෙනදීමටද ආර්ථිකය සතුටුදායකව පවත්වා ගෙන යාමටද වරම් හිමිවිය හැකි දවසකි. උසස් හිත මිත්‍ර සබඳතා ඇති වේ. සාර්ථක පෙම් සබඳතාවක මූලාරම්භය ඇතිවේ. අද දින කරන කියන කටයුතුවල දියුණුව උදාකරයි.

තුලා ලග්නය
අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිරත අයට ශුභදායකය. ආර්ථිකය උසස් මට්ටමක තබාගැනීමට හැකිවන බව පෙන්නුම් කරයි. වෙළෙඳ ව්‍යාපාර හා රැකියාවල දියුණුව ගෙනදේ. රැකියා විරහිත අයට රැකියා ලාභ හිමිවෙයි. ආර්ථික වරප්‍රසාද හිමිවන අතර දූ දරුවන් වෙනුවෙන් වැඩිපුර මුදල් වැය කිරීමට සිදුවන බව පෙන්නුම් කරයි. අසල්වාසීන් සමග ආරවුල් ඇතිකර ගැනීමේ ප්‍රවණතාවක් පවතී.

වෘශ්චික ලග්නය
දවසේ ලැබීම් අතින් සාමාන්‍යයි. අද දවස ඔබට මිශ්‍ර පල සහිතයි. රැකියාවේ පසුබෑමක්. උත්සාහයේ තරමට ප්‍රතිපල නැත. ආර්ථිකය සුභ නොවෙයි. මුදල් ගනුදෙනු ඉතා පරිස්සමින් කලයුතුයි. හිස ආශ්‍රිත අසනීප වලින් ප්‍රවේසම් වන්න. ගෘහ ජීවිතය ප්‍රීතිමත්. සමගිය, සාමය වර්ධනය වෙන දිනයකි. දවස සාර්ථක කරගැනීම සඳහා පෙ.ව. 08.46 ට යෙදෙන සුභ මොහොත භාවිතා කරන්න.

ධනු ලග්නය
අද දවසේ ඔබ කරන කියන කටයුතු සාර්ථක වන දිනයක්. නමුත් ඉතා වෙහෙස කාරී කටයුතු අධික තත්වයක් පෙන්වයි. මුදල් ලැබීම් අතින් යහපත්. පවුලේ සමගියට බදා ඇතිවෙයි. නමුත් අවිවාහක අයට මංගල යෝග උදා වන දිනයකි. අධ්‍යාපන කටයුතු හොදින් සිදු වෙයි. දුර බැහැර ගමන් යෙදෙයි. දවස සාර්ථක කරගැනීම සඳහා පෙ.ව. 10.11 ට යෙදෙන සුභ මොහොත භාවිතා කරන්න.

මකර ලග්නය
අවිවාහකයන්ට මංගල යෝග යෙදෙනවා. දුර බැහැර ඥාති හිත මිතුරන් ගෙන් උදව් උපකාර ලැබෙනවා. වියදම් වැඩි දවසක්ද වනවා. සෙම් කෝපයෙන් ඇතිවන ලෙඩ රෝග වලින් ප්‍රවේසම් වන්න. පවුලේ සමගිය වැඩිවන සුබ දවසක්. දවස සාර්ථක කරගැනීම සදහා උදේ 08.22 ට යෙදෙන සුබ මොහොත භාවිතා කරන්න.

කුම්භ ලග්නය
ආර්ථික කටයුතු වලින් බොහෝ වාසි අත්වනවා. නිවසෙන් දුරබැහැරව විදේශගතව කරන රැකියා ව්‍යාපාර වලින් බොහෝ සාර්ථක විය හැකිය. අස්ථි සන්ධි වල අසනීප වලින් ප්‍රවේසම් වන්න. ලැබ්ම් අතින් යහපත්. කෙටි ගමන් බිමන් බහුලව යෙදෙනවා. දවස සාර්ථක කරගැනීම සදහා උදේ 7.19 ට යෙදෙන සුබ මොහොත භාවිතා කරන්න.

මීන ලග්නය
අවිවාහකයන්ට මංගල යෝග උදාවන දිනයකි. මිල මුදල් පාලනයේ දී වඩා පරිස්සම් වෙන්න. අනවශ්‍ය ගමන් බිමන් යෙදෙන දවසකි. සමීපතම අයගෙන් සිත් පීඩා ඇතිවිය හැක. මානසික තත්වය යහපත් ව පවත්වා ගැනීම සදහා ආගමික වතාවත් වලට මුල් තැන දෙම්න් දවස ආරම්භ කරන්න. දවස සාර්ථක කරගැනීම සඳහා පෙ.ව.07.18 ට යෙදෙන සුභ මොහොත භාවිතා කරන්න.

0 comments:

Proudly Powered by Blogger.