Sunday, December 21, 2014

බෝධි පූජාව ශාන්ති කර්මයක්‌ කර ගැනීමට නම්...

by Api Nodanna Live  |  in Life at  3:04 AM



බෝධි පූජාව යනු ශාන්තිකර්මයකි. එයින් අප අපේක්‍ෂා කරන්නේ බලාපොරොත්තු වන්නේ සෙතක්‌ ශාන්තියක්‌ ලබාගැනීමය. ග්‍රහ අපල උපද්‍රව දුරුකර ගැනීම, අනවින කොඩිවින ආදියෙන් වන හානිය වළක්‌වා ගැනීම, ඇස්‌වහ කටවහ අඬෝවැඩියා ආදියෙන් හටගන්නා උපද්‍රවවලින් මිදීම, වැළඳී ඇති ලෙඩ රෝග සුවකර ගැනීම අඹු සැමි අඬදබර මැඬපවත්වා ගනිමින් යහපත්ව දිවි ගෙවීම අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම, රැකී රක්‍ෂා වෙළෙඳ ව්‍යාපාරවල දියුණුව ඇතිකර ගැනීම ආදී එදිනෙදා මුහුණ දීමට සිදුවන දහසකුත් එකක්‌ ගිහිගෙයි බාධක කම්කටොළු ප්‍රශ්න මේ අතර වේ.

තෙරුවන කෙරේ ගෞරවය ඇතිව ආගමානුකූලව ජීවත් වන ඕනෑම අයකුට දෙවියන්ගේ පිහිට ආරක්‍ෂාව නිරතුරුවම හිමි වන අතර නිසි ලෙස පවත්වන්නා වූ බෝධි පූජාවකින් සිදු වන්නේ එයයි. බෝධි පූජා වැනි බලවත් කුසලකර්මවල නියෑළෙන මනුෂ්‍යයන් දකින දෙවියෝ හැමවිටම ඔවුන් ආරක්‍ෂා කරමින් තම ශක්‌ති ප්‍රමාණයෙන් සෙත සලසනු ලබයි. දැහැමි පුද්ගලයා දෙවියන් හැමවිටම ආරක්‍ෂා කරනු ලබන බව කියන්නේ එබැවිනි.

බුදුරජාණන් වහන්සේ, බෝධීන් වහන්සේ හා දෙවියන් වෙනුවෙන් එකවර සිදු කළ හැකි පූජාවක්‌ වශයෙන් හැඳින්විය හැකි බෝධි වන්දනාවේදී බෝධි රාජයාණන් වහන්සේට නිසි පරිදි වතාවත් ඉටුකර පුද පූජා පවත්වා වන්දනාමාන කිරීමෙන් අනතුරුව එකී බෝධි පූජාව තමන් මුහුණදී ඇති ගැටලුවෙන් මිදීමට උපකාරී වන ශාන්ති කර්මයක්‌ බවට පත්කර ගැනීමට බෝධි මූලයේ සිටම මෙම බලසම්පන්න ගාථා කියා සෙත ප්‍රාර්ථනා කිරීමෙන් ඔබ වෙත ශ්‍රී සුබ සෙත උදාවනු ඇත.

එදා බෝධි මණ්‌ඩලයේදී බුදුරජාණන් වහන්සේට ජය අත්විය. පාපී මාරයා පරාජයට පත්විය. ඒ අවස්‌ථාවේ දෙවියන්, බ්‍රහ්මයන්, නාගයන්, සුපර්ණයන් ජය ඝෝෂා පැවැත්වූ බව සත්‍යයි. ඒ සත්‍යානුභාව බලයෙන් මට යහපතක්‌ම වේවා· ඔබට යහපතක්‌ම වේවා·

(තමන් වෙනුවෙන් කියන විට සෑම ගාථාවකම අවසාන පදය සොත්ති මේ හෝතු සබ්බදා යනුවෙන් ද වෙනත් කෙනෙකු සඳහා කියන විට සොත්ති තේ හෝතු සබ්බදා යනුවෙන් ද කියන්න)

1. මහාදයෝ මහා සත්තෝ - බෝධි මූලේ නිසීදිය

පංචමාරේ පරාජිත්වා - පත්තෝ සම්බෝධි මුත්තමං

ඒතේන සඡ්ජ වඡ්ඡේන - සොත්ථි මේ හෝතු සබ්බදා


2. ජයෝ මුනින්දස්‌ස - සිරිමතෝ අයං

මාරස්‌ස පාපිමතෝ පරාජිතෝ

උග්ඝෝසයුං බෝධිමණ්‌ඩේ පමෝදිතා

ජයංතදා දේව ගණා මහේසිනෝ

ඒතෙන සඡ්ජ වඡ්ඡේන සොත්ථි මේ හෝතු සබ්බදා


3. ජයෝ මුනින්දස්‌ස සුබෝධි මූලේ

මාරස්‌ස පාපිමතෝ පරාජයෝ

උග්ඝෝසයුං බෝධිමණ්‌ඩේ පමෝදිතා

ජයං තදා නාග ගණා මහේසිනෝ

ඒතේන සඡ්ජවඡ්ඡේන සොත්ථි මේ හෝතු සබ්බදා


4. ජයෝ මුනින්දස්‌ස සිරිමතෝ අයං

මාරස්‌ස පාපිමතෝ පරාජයෝ

උග්ඝෝසයුං බෝධිමණ්‌ඩේ පමෝදිතා

ජයං තදා බ්‍රහ්ම ගණා මහේසිනෝ

ඒතෙන සච්ච වඡ්ඡේන සොත්ථි මේ හෝතු සබ්බදා



5. ජයෝ මුනින්දස්‌ස සිරිමතෝ අයං

මාරස්‌ස පාපි මතෝ පරාජයෝ

උග්ඝෝසයුං බෝධි මණ්‌ඩේ පමෝදිතා

සුපණ්‌ණා සංඝාපි ජයං මහේසිනෝ

ඒතෙන සඡ්ජ වඡ්ඡේන සොත්ථි මේ හෝතු සබ්බදා

ජ්‍යෝතිෂ්‍යවේදී -
රංජන් සිසිර කුමාර

සටහන -
ධම්මික හේවාවසම්

0 comments:

Proudly Powered by Blogger.