ග්‍රහ ලොව ප්‍රධානියා ලෙස සැලකෙන රවි ග්‍රහයා, ආලෝකය, ආකර්ෂණය, ජීවය, වාතය ආදී සුවිශේෂී ගුණාංග තම තේජෝමය බලයෙන් අනෙකුත් ග්‍රහ ලෝකයන් වෙත පතුරවනු ලබයි. කේන්ද්‍ර හිමිකරු, හිමිකාරියගේ, ප්‍රසිද්ධිය, කීර්තිය, ආත්ම බලය, ශරීර ශක්තිය ආදී දේවල්ද, රජය පිළිබඳවද, රාජ්‍ය නිලධාරීන් ගැනද රවිගෙන් කියෑවෙයි.
රවි ධනු රාශියේ ගමන් කරනවිට රවි සමඟ බුධ ග්‍රහයා 2014-01-01 දක්වාත්, සිකුරු 2014-12-30 දක්වාත් එකට සිටී. රවි, බුධ, සිකුරු ත්‍රි ග්රහයෝගයක්ද යෙදෙයි. රවි - බුධ දෙදෙනාට ධනු රාශිය මිත්‍ර රාශියක් වන අතර සිකුරුට ධනුව සමවෙයි. රවි මේෂ රාශියට උච්ච වන අතර සිංහ රාශියට ස්වක්ෂේත්ර වෙයි. කටක, වෘශ්චික, ධනු මීන රාශි වලට මිත්‍ර වන අතර වෘෂභ - මකර - කුම්භ රාශි 03 ට සතුරු වෙයි. තුලා රාශියට නීච වන අතර, මිථුන කන්‍යා රාශි දෙකට සම වෙයි.
රවි ධනු රාශියට පිවිසීම ඔබේ ලග්නයට අනුව ඇතිවන ශුභ අශුභ ප්‍රතිඵල මෙසේය.
මේෂ - 09 වැන්නට, රවි සමඟ බුධ සිකුරු පිවිසීම නිසා (05 වැන්නාධිපතියා 09 වැන්නේ වීමෙන්) උද්යෝගීවන්තව කටයුතු කරයි. උසස් අධ්‍යාපනයට යොමුවෙයි. පියාට ඉතා ආදරයෙන් කටයුතු කරයි. රටේ තොටේ පිළිගත්, ප්‍රසිද්ධියට පත් අයකු වන්නේය. උසස් ගුණධර්ම පුරුදු පුහුණු කරගනී. ප්‍රිය පෙනුමක් ඇති අයකු හා විවාහ වෙයි. උසස් සහෝදර පිරිසකගෙන් ප්‍රයෝජන ඇතිවෙයි. විදේශ ගමන් යෙදිය හැකිය.
වෘෂභ - රවි -08 වැන්නේ ගමන් කිරීම නිසා දේපළ අතින් දියුණුව අඩුයි. ආර්ථික අතින් අසතුටුදායක වූවත් ගුණධර්ම අතින් පෝසත් වෙයි. ඇස්වල ආබාධ හිසේ ආබාධ ඇතිවිය හැකිය. ඔබේ ලග්නාධිපති සිකුරු 08 වැන්නේ නිසා බලාපොරොත්තු රහිත ලාභ/අලාභ දෙකම ඇතිවිය හැකිය. අප්‍රසිද්ධ සතුරන් සිටිය හැකිය. ශරීරයේ උෂ්ණකම වැඩී. ඇඟ උණුකරවා යැම වකුගඩු, මුත්‍රා අබාධයන්ද වැළඳිය හැකිය. ස්නායු දුබලතාද ඇතිවේ.
මිථුන - 03 වැන්නාධිපති රවි 07 වැන්නේ ගමන් කිරීමෙන් ප්‍රසිද්ධ විරුද්ධවාදීකම් ඇතිවිය හැකිය. එහෙත් උසස් බුද්ධියකින් යුක්තයි. විවාහ ජීවිතයේ අසමානතා ඇති වූවත් අසාර්ථක බවත් ඇති නොවේ. ආමාශගත ආබාධ ඇතිවිය හැකිය. සිකුරු සමඟ රවි සිටීමෙන් සමාජයෙන් ගෞරවය ලබයි. කාටත් ප්‍රියඋපදවන අයකු වන්නේය. බුධ 07 වැන්නේ වීමෙන් විවාහ වීමට අපේක්ෂා කරන අයට ටිකක් කල්යයි. තේජවන්ත බවක් දිස්වේ. ආලවන්තකම් ඇතිකර ගනී.
කටක - 02 වැන්නාධිපති රවි 06 ගමන් කිරීමෙන් නිර්භීත, එඩිතර බවක් දිස්වේ. නිරහංකාරයි. ආගම දහමට ලැදිවේ. සතුරු කරදර අඩුයි. දේශපාලන සමාජසේවා කටයුතු වල යෙදෙයි. රවි - බුධ - සිකුරු සමඟ සිටීමෙන් වියදම් වැඩී දේපළ පිළිබඳ ප්‍රශ්න - ගැටලු ඇතිකරයි. පාලන බලතල හිමිවේ. අන් අය තමාගේ අදහස් වලට හරවා ගනී. තමාගේ වැඩකටයුතු වලට හිටි අඩියේ බාදක, අභියෝග එල්ලවිය හැකිය.
සිංහ - ලග්නාධිපති රවි 05 වැන්නේ ගමන් කරන නිසා සෘජුයි. අවංකයි. ශාස්ත්‍රීය, සාහිත්‍ය කටයුතු වලින් උසස් තත්ත්වයක් හිමිකර ගනී. තමාට තමා පාලනය කරගත හැකිය. ඥනශක්තිය ධාරණ ශක්තිය ඉතා හොඳයි. තමාගත් තීරණය කෙසේ හෝ ක්‍රියාත්මක කරයි. රවි බුධ සමඟ සිටීමෙන් අධ්‍යාපන කටයුතු වලින් උපරිම ප්‍රයෝජන සලසා ගනී. සිකුරු සමඟ රවි සිටීමෙන් විනෝදයට තරමක් කැමතියි. ආලය ප්‍රේමය ගැන අදහස් ඇතිකර ගනී. ප්‍රධානීන්ට විරුද්ධ වෙයි.
කන්‍යා - ඔබේ ලග්නාධිපති බුධ සමඟ රවි 04 වැන්නේ සිටී. සිකුරුද 04 වැන්නේය. ශාස්ත්‍රීය අංශයෙන් උසස් තත්ත්වයක් හිමිවූවත් ආර්ථිකමය වශයෙන් පාඩු සිදුවේ. එහෙත් සිකුරු 04 වීමෙන් ජීවිතය සැපවත් කරයි. තත්ත්වයේ උසස් වීමක් අනිවාර්යයෙන්ම සිදුවේ. ලස්සන ගෙයක් වාසියට ලැබේ. නිවාස ප්‍රශ්න විසදෙයි. ධර්මිෂ්ඨ ගති පැවතුම්වලින් යුක්තයි. අන් අයට කරදරයක් හිරිහැරයක් නොවන පරිදි කටයුතු කරගනී.
තුලා - ලග්නාධිපති සිකුරු සමඟ රවි 03 වැන්නේ සිටී. බුධද 03 වැන්නේය. රූප ශෝභාව ඇතිකරයි. කාටත් ප්‍රිය උපදවන අයකු වන්නේය. කල්පනාශක්තිය උසස්ය. ප්‍රිය හිත මිත්‍රයන් ආශ්‍රයට ලැබේ. කාර්යක්ෂම බවින් යුක්තයි. අයුක්තියට එරෙහිව කටයුතු කරයි. අන් අයගේ සහයෝගය නිරායාසයෙන්ම තමන්වෙත ලැබේ. විප්ලවකාරී වැඩවලට සිත්දෙයි. දියුණු සහෝදරාදීන්ගෙන් උදව් ලැබේ.
වෘශ්චික - රවි 02 වැන්නේ (ධනස්ථානයේ) බුධ සිකුරු සමඟ සිටී. අවංකයි. සෘජුයි. කථාවට දක්ෂයි. අන්‍යයන් යටතේ වැඩකිරීමට කැමැති නැත. යුතු අයුතුකම් ගැන සිතයි. වැඩිහිටියන් සමඟ මතභේද ඇතිකරගනී. ඉපැයීමටත් වියදම් කිරීමටත් මැලිනැත. ඇස්වල දුර්වලතා ඇතිවේ. රවි බුධ සමඟ සිටීමෙන් අන් අය සමඟ භේද ඇතිකර ගනී. අන් අය තමා වෙත නම්මාගනී. විවාහ ජීවිතයේ අවුල් ඇතිකරයි.
ධනු - රවි ලග්නගතව බුධ සිකුරු සමඟ සිටී. ආත්ම ගෞරවය රැකගෙන කටයුතු කරයි. හොර බොරු වංචා වලට එරෙහිව ක්‍රියා කරයි. කියන කරන දේවල් එළිපිටම කියයි, කරයි. ඉගෙනීම් කටයුතු වල යෙදී සිටින අයටද යහපත්ය. රැකියාවෙන් උසස් තත්ත්වයක් හිමිවේ. රවි සමඟ බුධ ලග්න ගතවීමෙන් ධර්ම කර්මාධිපති රාජයෝගය යෙදෙයි. මෙම යෝගයෙන් උසස් ශුභ ඵල දෙයි. සාහිත්‍ය කලා කටයුතු වලින් සම්මාන ලබයි.
මකර - 12 වැන්නේ, රවි - බුධ සිකුරු ගමන් කරන නිසා වියදම් අධිකයි. සිතට සැනසීම අඩුයි. ණයවීමට පවා සිදුවිය හැකිය. අනවශ්‍ය ගමන් බිමන් වලින් අලාභ සිදුවෙයි. ආශ්‍රය කරන අය සමඟ කරන තරහ මරහ ඇතිකරගනී. සතුරු කරදර හා ලෙඩ රෝගද ඇතිවිය හැකිය. බුධ සමඟ රවි සිටීමෙන් ජීවන ගමන් තවත් අවුල්කරයි. කල්පනාකාරීව ඉවසිලිවන්තව කටයුතු කිරීම වඩාත් උඩිතයි. ප්රවේශමින් ක්‍රියා කරන්න.
කුම්භ - 11 වැන්නේ රවි - බුධ සිකුරු සිටීම ඉතාමත් වාසනාවන්ත පිහිටීමකි. ගුණයහපත්කමින් යුක්තයි. සාධාරණව කටයුතු කරයි. යහපත් ඇමතුම් පැවතුම් වලින් යුක්තයි. විවිධ අංශ කෙරෙහි දැනුම අවබෝධය ලබයි. රැකියා අවස්ථා උදාවේ. රැකියා කීපයක් එකවර කරයි. ඉගෙනීම් කටයුතු වල යෙදී සිටින අයට ඉතා යහපත් කාලයකි. බලය අනිසි ලෙස යොදවන්නේ නැත. සහෝදරාදීන්ගෙන් උදව් උපකාර ලැබේ.
මීන - 10 වැන්නේ රවි සිටීමෙන් තම වැඩකටයුතුවලට දක්ෂතා දක්වයි. පිරිස් බලය ලබයි. ප්‍රධානත්වය හිමිවේ. රජයේ හෝ පෞද්ගලික අංශයේ හෝ උසස් තනතුරු ලබයි. මවගේ පාර්ශ්වයේ අයගෙන් උදව් ලැබේ. අන්‍යයන්ගේ සහයෝගය ඉතා හොඳින් ලබාගනී. සමාජයේ ප්‍රසිද්ධියට හා කීර්තියට පත්වෙයි. සිකුරුද 10 වීමෙන් බාහිර ඔපය, රූප ශෝභාව ගැන සැලකිලි මත්වෙයි. විවාහය පිළිබඳ ගැටලු ඇතිවෙයි. බුධ සමඟ සිකුරු වීමෙන් අවිවාහක අයට උසස් විවාහයන් යෙදෙයි.
මීරිගම විද්‍යාල මාවතේ - ආර්. ඇම්. ටී. බී. රත්නායක
0 comments: