ගුප්ත
විද්‍යාව හා නක්‍ෂත්‍රයත් දේශීය වෙදකමේ එක් පැතිකඩක් ලෙස
සැලකිය හැකිය. එක පවුලෙ නෑයන් සේ මෙම ශාස්‌ත්‍ර එකකට එකක්
බැඳී පවතින හෙයින් දේශීය වෙදකමේ දී මේවා ප්‍රයෝජනයට ගැනීම
දක්‍ෂ වෙදැදුරුවරයකුගේ කාර්යභාරයයි.
වෙළගෙදරවත්තේ වෙදැදුරුට මේ පිළිබඳව හසල දැනුමක් තිබෙන බව ඔහු
හා ඇසුරු කළ ඉතා කෙටි කාලය තුළ මට අවබෝධයක් ඇති වූයේ මා
ඉදිරිපිටම කළ ප්‍රතිකාර කිහිපයක් මුල් කර ගෙනය.
මගේ අම්මා දක්‍ෂ වෙදැදුරුවරියක්. ඇය දේශීය වෙදකමට බොහොම
දස්‌කම් පෑවා. මමත් එයාගෙන් වෙදකම හරිහැටි ඉගෙන ගත්තා. දැන්
එයා මිය ගිහිල්ලා. ඒත් තවමත් වෙදකම් කරනවා.
මේ ප්‍රශ්නයෙන් අන්ද මන්ද වූ මා මියගිය අයකු වෙදකම් කරන්නේ
කෙසේ දැයි උභතෝකෝටික ප්‍රශ්නයකට මුහුණ දෙමින් ඔබේ මව මියගිහින්
නම් කෙසේ වෙදකම් කරන්නේ දැයි ඇසීමි.
මඳ සිනහවක් පෑ වෙදදුරු ඔහොමම පොඩි වේලාවක් විමසිල්ලෙන් ඉන්න
යෑයි කියමින් බුදුන් වහන්සේ ඉදිරිපිට පහනක් දල්වන මෙන් සිය
බිරිඳට කීවේය.
බිරිඳ දැල්වූ පහන ඉදිරිපිට දොහොත් මුදුන් දී නමස්‌කාර කළ
වෙදැදුරු විනාඩි කිහිපයක් කිසියම් ගාථා කිහිපයක් කියමින්
සිටියදී ඔහුගේ ස්‌වභාවික තත්ත්වය වෙනස් වී දේවාරූඪයකට පත්ව
දැන් මගෙන් ඔබට ඇදීමට තිබෙන ප්‍රශ්න තියෙනවා නම් ඒවා අසන්නට
පුළුවන් යෑයි කීවේය.
මේ අනපේක්‍ෂිත තත්ත්වයෙන් කලබලයට පත් මා ඇසීමට තරම්
ප්‍රශ්නයක් සිතා ගැනීමට නොහැකිව මදක් කල්පනා කරමින් සිටියදී
ඔහුගේ බිරිඳ මහත්තයාගේ නිවසේ තත්ත්වය අසන්න යෑයි ඉල්ලීමක්
කළාය.
මේ ඉල්ලීමත් සමඟÊමා නිවසේ වර්තමාන තත්ත්වය පිළිබඳ විමසීමක්
කරමින් කිsසියම් ප්‍රශ්න කිහිපයක් ඇසීමි.
වෙළගෙදර වත්තේ වෙදැදුරු මා හඳුනාගත්තේ එදිනය. අප දෙදෙනා කිසි
දිනෙක මුණගැසී නොමැති අතර වචනයකින් හෝ සබඳතාවක් පවත්වා
නොතිබුණි. එහෙත් මා සිතූ බොහෝ දේ හා ඇසූ ප්‍රශ්නවලට ඇසින්
දුටුවකු මෙන් සියල්ල නිවැරැදිව කීමට තරම් ඔහුගේ දේව වරම ප්‍රබල
වී තිබිණි.
විනාඩි කිහිපයකින් පියවි සිහියට පත් වෙදැදුරු නැවතත් සිය
අසුනෙන් වාඩි වෙමින් ඔබගේ ප්‍රශ්නවලට මගෙන් පිළිතුරු ලැබුණා
දැයි ඇසීය.
මා සිතුවාටත් වඩා නිවැරැදිව මගේ ප්‍රශ්නවලට පිළිතුරු ලැබුණා
යෑයි කියද්දී වෙදැදුරු කීවේ මගේ මව සෑම විටම මා ළඟින් ඉඳගෙන
සියලු ප්‍රතිකාරයන්ට සහාය වනවායි යන්නය.
මම ඕනෑම රෝගයකට ප්‍රතිකාරයක් කරද්දී මම දන්නා ශාස්‌ත්‍රයට වඩා
වැඩි යමක් මගේ අම්මා මට කියනවා.
මට වෙද මහත්තයා කියන දේ එතරම් පැහැදිලි නෑ යෑයි මම කීවෙමි.
ඒ කියන්නේ මගේ අම්මා මට නිතර බෙහෙත් කියනවා.
ඒ කිව්වේ.
යම් රෝගියකුට මම ප්‍රතිකාර කරන්න හදනකොට ක්‍ෂණයෙන් මගේ හිතට
පහළ වන ඖෂධ මගේ අම්මා කියනවා වගේ මට දැනෙන්නේ. මේ අවස්‌ථාවේදී
දන්න බෙහෙතකට වඩා ඇඟට දැනෙන හිතට හිතෙන ඖෂධ තමයි මම නියම
කරන්නේ. එහෙම නියම කරපු කිsසි බෙහෙතක් අද වනතුරුත් වැරදිලා
නෑ.
එතකොට ඔබ සමාජ රෝග පිළිබඳව කරන ප්‍රතිකාරයන් ගැන පැහැදිලි
කිරීමක් කළොත් මම තවත් ප්‍රශ්නයක් අසමින් වෙදැදුරු දෙස
විමසිල්ලෙන් බැලීමි.
"හාමිනේ අර සමාජ රෝගීන් පිළිබඳ ලියපු පොත මේ මහත්තයට පෙන්නන්න"
වෙදැදුරු තම බිරිඳට කියමින් කිසියම් කල්පනාවකට වැටෙද්දී මට ඔහු
ගැන තරමක කුතුහලයක් ඇතිවිණි.
විටෙක සිනහසෙන තවත් විටෙක ප්‍රතිකාර පිළිබඳ කතා කරන හා යන්ත්‍ර
මන්ත්‍ර ගුරුකම්වල ඇති ප්‍රබල බව මෙන් ම තමා කළ ගුරුකම්වල
හාස්‌කම් විස්‌තර කරන මේ වෙදැදුරු ගැන මට ඇති වූයේ තරමක
විමතියකි. එනිසාම තවත් විමසිලිමත් වෙමින් මා අත තැබූ සමාජ රෝග
පිළිබඳ විස්‌තර ඇතුළත් පොත නිරීක්‍ෂණය කළෙමි. එහි රෝගීන්
කිහිපදෙනකුගේ නම්, ලිපිනයන් සහ දුරකථන අංක සඳහන් කර තිබුණු
හෙයින් මේ සියලු දෙනා සමාජ රෝග වැළඳුන අය දැයි වෙදැදුරුගෙන්
විමසීමි. ඒ අතර ඒඩ්ස් රෝගියකුගේ නමක් ද සඳහන් වී තිබුණු
හෙයින් ඔබ ඒඩ්ස් වලටත් ප්‍රතිකාර කරනවා දැයි ඇසුවෙමි.
ඒකත් සමාජ රෝගයක් නේ. මම ඒකටත් ප්‍රතිකාර කරනවා. ඔය ඒඩ්ස්
රෝගියා කෝටිපතියෙක්. දැන් සනීපයි. බොහෝ වෙලාවට ඇවිත් මගේ
කකුල් දෙක අල්ලාගෙන වැඳල යන අවස්‌ථාත් තියෙනවා. මම ඔය සමාජ රෝග
බෝවුන අයගේ නම් ගම් තොරතුරු ඇතුළත් ඔය වාර්තාව කිසි කෙනෙකුට
දෙන්නේ නෑ. මේ සියලු දෙනා ඉතා රහසිගතව මගෙන් ප්‍රතිකාර ගත්තේ.
කොහොමටත් මේ වගේ රෝගීන් සමාජය පිළිකුල් කරනවා නෙ. ඒක නිසා මම
කිසිවකුට පෙන්නන්නේ නැහැ. ඒත් ඔබ මා කෙරෙහි සහ මගේ
ප්‍රතිකාරයන් කෙරෙහි තිබෙන විශ්වාසය නිවැරදි කරන්න තමයි මම ඔය
වාර්තාව පෙන්නුවේ.
මේ ප්‍රතිකාරවලදී දේශීය ඖෂධවල බලය වැඩි කිරීම සඳහා මම ගුප්ත
විද්‍යාවත් යොදා ගන්නවා. ඇතැම් ඖෂධ වර්ග රෝගියකුට නියම කරද්දී
මන්ත්‍ර බලයේ ශක්‌තියත් මම ඒවාට කා වද්දවනවා. ගොඩක් මේ සමාජ
රෝගවලට නියම කරන ඖෂධ වර්ග මම සොයාගන්න දේවල්. ඒ කියන්නේ ඒවට
මගේ මියගිය අම්මාත් ගොඩක් උදව් කරල තියෙනවා. සමහර ඖෂධ මට
සිහිනෙන් කියපුවා. ගොඩක් වෙලාවට යම් රෝගියකුට ප්‍රතිකාර
කිරීමේදී මට ගැටලුවක් මතු වුණොත් තුණුරුවන්a සිහිකර ගෙන
නින්දට ගියපුවාම ඖෂධය අත්දුටුවයි, ප්‍රත්‍යක්‍ෂයි කියල
සිහිනෙන් පෙන්නුම් කරනවා. ඇතැම් වෙලාවට ඒ මගේ අම්මා ඇවිත් කියන
ඒව තමයි වැඩිපුරම තියෙන්නේ.
ඔබ සමාජ රෝගීන්ට එහෙම සොයාගත්ත ප්‍රතිකාරද ඔය කරන්නේ යෑයි මම
තවත් ප්‍රශ්නයක් ඇසීමි.
සත්තකින්ම ඔව්. ගොඩක් ප්‍රතිකාර මම ඉගෙන ගත්තා. ඒවාට වඩා
සිහිනෙන් කියපුව. මුලින් මුලින් සමාජ රෝගියෙක් දෙන්නෙක් මගේ
ළඟට ආවාම තමයි මම මේක ගැන විමසිලිමත් වුණේ. ඒ අතර මට ගොඩක්
ප්‍රතිකාර සොයා ගන්න ලැබුණා.
යන්ත්‍ර මන්ත්‍ර ගැන ඔබට මොනවද කියන්න තියෙන්නේ යෑයි මම නැවතත්
වෙදැදුරුගෙන් විමසීමි.
ප්‍රබල මාධ්‍යයක්. මේ පිළිබඳ පුළුල් අවබෝධයක් හා අධ්‍යයනයක්
මට තියෙනවා. ඕනෑම අණවිනයක් කොඩිවිනයක් කපනවා කියන එක මට
ඉතාමත් සුළු දෙයක්. මේ රටේ විවිධ පළාත්වල එවැනි කොඩිවින දහස්
ගණනක් මම කපල යහපතක් උදාකරල දීල තියෙනවා.
සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු ජනතාව මේ රටේ ප්‍රබල චරිතයෝ ය.
මහා සඟරුවනට දෙවනුව සැලකෙන වෙදැදුරුවරු රටක අති දැවැන්තයෝ ය.
ඔවුන්ගෙන් කෙරෙන කාර්යභාරය කිසිවිටෙක සුළුකොට තැකිය නොහැකියි.
වත්මන් සමාජයේ ඇතැම් පිරිසක් දේශීය වෙදකමට හා දේශීය
වෙදැදුරුවරුන්ගේ කාර්යභාරය අවඥාවට ලක්‌කරමින් තම තමන්ගේ මඩිය
තරකර ගන්නා හදන යුගයක දේශීය වෙදැදුරුවරයා සමාජය වෙනුවෙන් කරන
කැප කිරීම ඇගයීමට වචන නැත. එනිසාම ඔවුනට ඉසිවරයෝ යෑයි කීම
කිසිසේත්ම වරදක් නැත. මේ වෙළගෙදර වෙදැදුරු සමඟ මා ගතකළ කාල
සීමාව තුළ ලැබූ අත්දැකීම් හා දේශීය වෙදකමේ බලමහිමය තහවුරු
වෙද්දී ඔහුගේ දෙනෙත නොපෙනෙන බවක් කිසිසේත්ම මට දැන ගැනීමට
හැකියාවක් නොලැබිණි.
දැස් නොපෙනුනත් වෙළගෙදර වෙදැදුරු සැබැවින්ම මිහිපිට සිටින
ඉසිවරයෙක් යෑයි කිවහොත් එහි මුසාවක් නැතැයි මගේ හැඟීමය.
විමලසිරි අගලකඩ
Category
Sunday, December 21, 2014
අපේ වෙදැදුරු සමාජ රෝග සමනයට දේශීය වෙදකම
by Api Nodanna Live | 
in News
at 3:03 AM
-
අකුරු කියවන්නට යන ඔබටයි මේ
-
බිරිඳට පහර දෙන සැමියන් හඳුනා ගන්න
-
ඔබ වෘශ්චික නම් මෙය කියවන්න
-
ලොතරැයි ජයග්‍රහණයට ජ්‍යෝතිෂය ඉවහල් වෙයිද?
-
ලග්නයේ ලකුණෙන් කියවෙන ඔබේ චරිතය
-
අද දවස ඔබට කොහොමද? 2014-12-24
-
වැන්දඹු යෝග සහ පෙර පිං අනුව කීර්තිමත් වූ කාන්තාවෝ!
-
සිහිනවල සත්‍ය අසත්‍ය දෙකම ඇත
-
ආයුෂ කෙටි කරන ග්‍රහ පිහිටීම්
-
දිනන්නේ මෛත්රිද මහින්දද? ජ්‍යෝතිෂ විමසුමක්
වැඩිපුර බලපු ඒවා
Blog Archive
-
▼
2014
-
▼
December
- ලග්නයේ ලකුණෙන් කියවෙන ඔබේ චරිතය
- අද දවස ඔබට කොහොමද? 2014-12-31
- අද දවස ඔබට කොහොමද? 2014-12-30
- 2015 අලුත් අවුරුද්ද ඔබේ ලග්නයට කොහොමද බලන්න
- අද දවස ඔබට කොහොමද? 2014 -12 -28
- අද දවස ඔබට කොහොමද? 2014-12-27
- අද දවස ඔබට කොහොමද ? 2014-12-26
- අද දවස ඔබට කොහොමද? 2014-12-25
- අද දවස ඔබට කොහොමද? 2014-12-24
- අද දවස ඔබට කොහොමද? 2014-12-23
- අලුතින් ගෙයක් මිලදී ගන්නවානම් මේ දේවල් ගැනත් සොයා ...
- ජනපති මහින්ද දිනනවාමයි... අනාවැකිය වැරදුණොත් මං වෙ...
- අද දවස ඔබට කොහොමද? 2014-12-22
- අද දවස ඔබට කොහොමද? 2014-12-21
- ඔබේ ලග්නයට මේ සතිය කොහොමද?
- ජනවාරි අටවැනිදා කුමක් සිදුවේද?
- අකුරු කියවන්නට යන ඔබටයි මේ
- බෝධි පූජාව ශාන්ති කර්මයක් කර ගැනීමට නම්...
- අපේ වෙදැදුරු සමාජ රෝග සමනයට දේශීය වෙදකම
- දිනන්නේ මෛත්රිද මහින්දද? ජ්‍යෝතිෂ විමසුමක්
- උදාවන වර්ෂය තුළ ආණ්ඩු පෙරළියක් !
- බිරිඳට පහර දෙන සැමියන් හඳුනා ගන්න
- වැන්දඹු යෝග සහ පෙර පිං අනුව කීර්තිමත් වූ කාන්තාවෝ!
- රවි ධනු රාශි ගතවීම ඔබේ ලග්නවලට කෙසේද?
- ස්ත්‍රී පුරුෂ ඉරියව් අනුව ඔහු හෝ ඇය හඳුනා ගන්න
- ඔබ වෘශ්චික නම් මෙය කියවන්න
-
▼
December
Proudly Powered by Blogger.
0 comments: