Saturday, December 27, 2014

අද දවස ඔබට කොහොමද? 2014 -12 -28

by Api Nodanna Live  |  in Daily Horoscope at  7:41 PM



මේෂ ලග්නය
සහජ දක්ෂතා ඉස මතු වීම මගින් අධ්‍යාපනයට සුභ දවසක්. නිවසෙන් දුරබැහැරව විදේශගතව කරන රැකියා ව්‍යාපාර වලින් බොහෝ සාර්ථක විය හැකිය. අවිවාහකයන්ට මංගල යෝග යෙදෙනවා. සෙම් කෝපයෙන් ඇතිවන ලෙඩ රෝග වලින් ප්‍රවේසම් වන්න. පවුලේ සමගිය වැඩිවන සුබ දවසක්. දවස සාර්ථක කරගැනීම සදහා උදේ 08.22 ට යෙදෙන සුබ මොහොත භාවිතා කරන්න.

වෘෂභ ලග්නය
නෑ හිත මිතුරන්ගෙන් උදව් ලැබෙන දිනයක්. අධ්‍යාත්මික කටයුතු වලට වැඩි නැඹුරුවක් ඇති වෙනවා. ගේ දොර ඉඩකඩම් යාන වාහන විකිණීම් මිලදී ගැනීම් සඳහා සුබ දවසක්‌. හදිසි ධන ලාබ පවතින නිසා ලොතරැයි වාසනාව උරගා බලන්න අමතක කරන්න එපා. දවස සාර්ථක කරගැනීම සදහා උදේ 7.19 ට යෙදෙන සුබ මොහොත භාවිතා කරන්න.
මිථුන ලග්නය
කෙටි ගමන් බිමන් යෙදුනත් හිත අලස ගති මතු විය හැකියි. දුර බැහැර ඥාති හිත මිතුරන් ගෙන් උදව් උපකාර ලැබෙනවා. වියදම් වැඩි දවසක්ද වනවා. අවිවාහකයන්ට මංගල යෝග යෙදෙනවා. පවුලේ සමගිය වැඩිවන සුබ දවසක්. සෙම් කෝපයෙන් ඇතිවන අසනීප වලින් ප්‍රවේසම් වන්න. දවස සාර්ථක කරගැනීම සදහා උදේ 08.22 ට යෙදෙන සුබ මොහොත භාවිතා කරන්න.

කටක ලග්නය
ස්වෝත්සාහයෙන් දියුණු වීමට නව මාර්ග පාදා ගත හැකියි. අද දවස ආරම්භය ඔබට තරමක් කාර්යබහුලයි. රැකියාවේ පීඩා වැඩි දවසක්‌. මුදල් ආයෝජනයට එතරම් සුබ නැත. පවුලේ සමගිය ගැන වෙනදට වඩා සැලකිලිමත් වන්න. දවස සාර්ථක කරගැනීම සදහා උදේ 7.13 ට යෙදෙන සුබ මොහොත භාවිතා කරන්න.
සිංහ ලග්නය
සිතේ අලස ගති මතු වුවත් දවස තරමක් කාර්යබහුලයි. නිවසේ අලංකාරය, අලුත්වැඩියාව පිළිබඳව වෙනදාට වඩා වැඩි සැලකිල්ලක් දක්වන දවසක්. වියදම් වැඩි දවසක්ද වනවා. අවිවාහකයන්ට මංගල යෝග යෙදෙනවා. පවුලේ සමගිය වැඩිවන සුබ දවසක්. දවස සාර්ථක කරගැනීම සදහා උදේ 08.27 ට යෙදෙන සුබ මොහොත භාවිතා කරන්න.

කන්‍යා ලග්නය
ඇත ඇති මුදල් වැඩි කරගැනීමට අවස්ථා සැලසුනත් ඔබේ නොසැලකිලිමත් කමින් ඒවා මග හැරි යා හැකියි. තම ආයතන ප්‍රධානීන්ගේ පැසසුම් ලබන දවසක්. රැකියා ව්‍යාපාර වලින් ඉහල වාසි ලාභ අත්වනවා. මුදල් ආයෝජනයට සුබ දවසක්. සෙම් කෝපයෙන් ඇතිවන අසනීප වලින් ප්‍රවේසම් වන්න. දවස සාර්ථක කරගැනීම සදහා උදේ 09.43 ට යෙදෙන සුබ මොහොත භාවිතා කරන්න.
තුලා ලග්නය
උෂ්ණාධික ආහාර පාන ගැනීමෙන් නිදන් ගත රෝග තත්ත්ව නැවත මතු විය හැකියි. තම නිවසින් දුර බැහැරව කෙටි ගමන් බිමන් යෙදෙනවා. වියදම් වැඩි දවසක්‌. එහෙත් ලැබ්ම් අතින් යහපත්. පපුව, පෙනහළු ආශ්‍රිත අසනීප වලින් ප්‍රවේසම් වන්න. දවස සාර්ථක කරගැනීම සඳහා උදේ 7.19 ට යෙදෙන සුබ මොහොත භාවිතා කරන්න.

වෘශ්චික ලග්නය
සහජ ශක්තින් උදව් කරගෙන තම වැඩ කටයුතු සාර්ථක කරගත හැකි වේවි. ඉතා වෙහෙසකාරී දවසක්‌. වියදම් පාලනය කිරීමට සිත් තබා ගන්න. දවසේ මැදි කාලය තුල හදිසි ධන ලාබ පවතින නිසා ලොතරැයි වාසනාව උරගා බලන්න අමතක කරන්න එපා. දවස සාර්ථක කරගැනීම සදහා උදේ 7.13 ට යෙදෙන සුබ මොහොත භාවිතා කරන්න.
ධනු ලග්නය
තම රැකියා කටයුතු නව මුහුණුවරකින් ඇරභීමට සිත් වන සුභ දවසක්‌. තරමක් කාර්යබහුලයි. රැකියාවේ පීඩා වැඩි දවසක්‌. හදිසි තීරණ ගැනිමට නුසුදුසු දවසක්. සෙම් කෝපයෙන් ඇතිවන අසනීප වලින් ප්‍රවේසම් වන්න. දවස සාර්ථක කරගැනීම සදහා උදේ 09.36 ට යෙදෙන සුබ මොහොත භාවිතා කරන්න.

මකර ලග්නය
තම රැකියා කටයුතු වලදී අන් අය සමග සිත් පළුදු වීමට නොදී ඉවසිලිමත්ව කටයුතු කරන්න. නිවසින් දුරබැහැර ගමන් බිමන් යෙදෙන දවසක්. හදිසි ධන ලාබ පවතින නිසා ලොතරැයි වාසනාව උරගා බලන්න අමතක කරන්න එපා. දවස සාර්ථක කරගැනීම සදහා උදේ 7.19 ට යෙදෙන සුබ මොහොත භාවිතා කරන්න.
කුම්භ ලග්නය
අධ්‍යාපන ලිපි ලේඛණ කටයුතු වල නිරත අයට විශේෂ වාසි අත්වනවා. දවසේ මැදි කාලය තුල තම පවුලේ සාමාජිකයින් වෙනුවෙන් කාලය කැප කරනවා. වියදම් වැඩි දවසක්‌. උදරය ආශ්‍රිතව ඇතිවන අසනීප වලින් ප්‍රවේසම් වන්න. දවස සාර්ථක කරගැනීම සදහා උදේ 09.36 ට යෙදෙන සුබ මොහොත භාවිතා කරන්න.

මීන ලග්නය
ගේ දොර ඉඩකඩම් යාන වාහන විකිණීම් මිලදී ගැනීම් සඳහා සුබ දවසක්‌. ආර්ථික කටයුතු වලින් බොහෝ වාසි අත්වනවා. අස්ථි සන්ධි වල අසනීප වලින් ප්‍රවේසම් වන්න. ලැබ්ම් අතින් යහපත්. කෙටි ගමන් බිමන් බහුලව යෙදෙනවා. දවස සාර්ථක කරගැනීම සදහා උදේ 7.19 ට යෙදෙන සුබ මොහොත භාවිතා කරන්න.

0 comments:

Proudly Powered by Blogger.